පිලිපීනයට රික්ටර් මාපක 7.6ක ප්‍රබල භූ කම්පනයක්.. ඒ සිදුවීම ගැන ඇසෙන ඇඟ සලිතවන ආරංචිය මෙන්න..
Friday, 10 October 2025 - 9:34 | Views - 142
පිලිපීනයේ මින්ඩනාඕ (Mindanao) කලාපයේ ඩවාඕ ඔරියන්ටල් (Davao Oriental) හි මනේ (Manay) නගරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ 7.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව එරට භූ කම්පන විද්‍යා ඒජන්සිය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ආසන්න වෙරළබඩ ප්‍රදේශවල ජනතාවට වහාම උස් බිම් වෙත ඉවත් වන ලෙසයි දැනුම් දී ඇත්තේ. පිලිපීන භූ කම්පන විද්‍යා ආයතනය (Phivolcs) මෙම ප්‍රබල භූ කම්පනයෙන් හානි සහ පසු කම්පන අපේක්ෂා කරන බවට ද අනතුරු ඇඟවා තිබෙනවා. සාමාන්‍ය වඩදිය මට්ටමට වඩා මීටරයකට වඩා වැඩි තරංග උසක් අපේක්ෂා කරන බවයි Phivolcs සඳහන් කර ඇත්තේ. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (Pacific Tsunami Waing Center) පැවසුවේ, පිලිපීනයේ වෙරළ තීරයන්හි වඩදිය මට්ටමට වඩා මීටර් 1 සිට 3 දක්වා උසැති රළ ඇතිවීමට ඉඩ ඇති බවයි. එමෙන්ම ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි (Sulawesi) සහ පැපුවා (Papua) කලාප සඳහාද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, එය වෙරළ තීරයට සෙන්ටිමීටර 50ක් තරම් උස රළ පහරවල් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය භූ කම්පනයේ කේන්ද්‍රස්ථානයේ සිට කිලෝමීටර් 300ක් (සැතපුම් 186ක්) ඇතුළත පිහිටි වෙරළ තීරයන් සඳහා අනතුරුදායක සුනාමි රළ ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. පලාවු (Palau) හි ඇතැම් වෙරළ තීරයන්හිද මීටරයක් දක්වා රළ ඇතිවිය හැකි බව වාර්තා වෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top