කතුන් දහයකට දැනටමත් පිහිට වූ , කොළඹ කාසල් වීදියේ අමුතුම බැංකුව..
Thursday, 09 October 2025 - 10:55 | Views - 210
 
කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ අලුතින් ස්ථාපිත කළ ශුක්‍රාණු බැංකුව හරහා මේ වන විට කාන්තාවන් දස දෙනෙකු (10) සාර්ථකව ගැබ්ගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ අජිත් කුමාර දන්තනාරායන පවසනවා.
 
මෙම ශුක්‍රාණු බැංකුව ස්ථාපිත කර මේ වන විට මාස හයක පමණ කාලයක් ගත වී තිබෙනවා.
 
දායකයන්ගේ රෝග කිහිපයක් සඳහා වන විධිමත් වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ශුක්‍රාණු , බැංකුව තුළ තැන්පත් කිරීම සිදුවන බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ.
 
අනතුරුව නැවතත් අදාළ පරීක්ෂණ සඳහා පියවරුන් කැඳවා එම පරීක්ෂණ හරහා ද නිරෝගී බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ශුක්‍රාණු තැන්පත් කිරීම සඳහා සූදානම් කරන බවයි ඒ අනුව අනාවරණය වන්නේ.
 
කෙසේ වෙතත්, මෙම කාලය තුළ ශුක්‍රාණු තැන්පත් කර තැබීම සඳහා ලික්විඩ් නයිට්‍රජන් අවශ්‍ය වන අතර, ඒ සඳහා අධික වියදමක් දැරීමට සිදුව ඇතැයි අධ්‍යක්ෂවරයා පවසනවා.
 
එසේම, ශුක්‍රාණු පරිත්‍යාග කරන පියවරුන් නැවතත් මාස තුනකට පසු පරීක්ෂාවට පැමිණීමේ යම් දුර්වලතාවයක් පවතින අතර එය ද කඩිනමින් වළක්වා ගත යුතු බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.
 
කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කරන අතර බොහෝ ඉල්ලීම් ලැබෙමින් පවතින බවත්, දායකයන් ද ඉදිරිපත් වෙමින් සිටින බවත් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල තහවුරු කර සිටිනවා.
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top