ඔයා diet කරන්නේ හරි විදිහටද? නොදැන කරලා කරදරේ නම් වැටෙන්න එපා..
Saturday, 27 September 2025 - 8:22 | Views - 403
ගොඩක් ලෙඩ රෝගවලට හේතුවෙන්නේ අපේ ආහාර රටාවලු. එහෙම කියන්නේ ඇයි?

සමහරවෙලාවට අපි දැනුවත්ව හරි නොදැනුවත්ව හරි කරන සමහර දේවල් නිසා අපේ ශරීරය විවිධ රෝගවලට ගොදුරු වෙනවා. 


ඒ විතරක් නෙවෙයි, ගොඩක් දෙනෙක් අද කාලේ Trend එකට වගේ අහාර පාලනය සිදුකරනවා. මේක හරි දෙයක්ද? ඔයත් diet කරනවාද? ඔයා diet කරන විදිහ හරි විදිහටද?
"අයියෝ අද නම් ගොඩක් කෑවා. හුස්ම ගන්නත් බෑ. ඉස්මුරුත්තාව වගේ" මේ වගේ කතා අපි නිතරම අහනවා වගේම අපිත් නිතරම කියනවා. ඇයි ඉතින් මේ තරම් කන්නේ.? ශරීරයේ හැඩය පවත්වාගන්න උත්සාහ කරන ඕනම කෙනෙක් මේ කතාව ගැන හිතට ගන්න එක නම් වටිනවා.

ඩයට් කරන එක නැතිනම් ආහාර පාලනය කිරීම ශරීර සෞඛ්‍යට‍ ඉතාමත් හිතකර දෙයක්. නමුත් නරක දේ තමයි ආහාර වේල් අතපසු කිරීම. සමහර අය කෙට්ටු වෙන්න කියලා හිතාගෙන රෑට ආහාර ගැනීමෙන් වැළකී සිටිනවා. මෙය ඔබගේ ශරීරයට වගේම ආහාර ජීර්ණපද්ධතියටත් හොද දෙයක් නෙවෙයි. එහෙනම් මොකද්ද ඔබ කල යුත්තේ? මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.

ඔබ කළ යුත්තේ ආහාර ගන්නා විට ටිකක් ආහාර ගැනීමයි. ඒ කියන්නේ හිත පිරෙන්න කන්නේ නැතුව බඩ පිරෙන්න කන්නෙත් නැතුව ඔබට දරාගැනීමට හැකිතරම් ආහාර ගැනීමයි
අන්න ඒ රටාව තමයි ශරීරයට සුදුසු නැත්තේ. සුලු ආහාර වේලකට බඩ හුරු කරගන්න.
ඒකට කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි.

සාමාන්‍යයෙන් ඔබ බත් කනකොට බත් හැදි 4ක් කනවා නම් ඒක බත් හැදි දෙකකට සීමා කරන්න. ඒවගේම සුදු හාල් වෙනුවට රතු හාල්, නිවුඩු සහල්, වගේම තම්බපු හාල් ආහාරයට ගන්න පුළුවන් නම් ගොඩාක් හොදයි.

ඒ වගේමයි, උදේ නැගිට්ටගමන් ඇල් මැරුණු උණු වතුර වීදුරුවක් සමඟ දෙහි යුෂ හා මීපැණි හැන්දක් එක් කර පානය කරන්න. වෙළඳපලේ ඇති සමහර මීපැණි සීනි කලවම් නිසා මීපැණි තෝරාගැනීමේදී නියම මීපැණි ම තෝරා ගන්න උත්සහ කරන්න. ග්‍රීන් ටී පානය කිරීම හොද වුනත් උදේට හිස්බඩ ග්‍රීන් ටී පානය කරන්න එපා. දවසකට ග්‍රීන් ටී කෝප්ප 2-3ක් පමණක් බොන්න. ඊට වඩා පානය කිරීම ශරීරයට එතරම් හිතකර නෑ.

ශ්‍රි ලංකාවේ ‍බොහෝ දෙනෙක් පුරුදු වෙලා තයෙන්නේ උදේට තේ බොන්න. ඔබට තේ එක නොබී ඉන්නට හැකි නම් වඩාත් හොදයි. නැතිනම් මේද රහිත කිරි එක් කරගත් තේ පානය කරන්න.

උදේ ආහාර වේල ඉතාමත් පෝෂදායි ආහාර වේලක් විය යුතුමයි. ප්‍රෝටීන් බහුල ආහාර වේලක් උදේට ගන්න හැකි නම් ඉතාමත් හොදයි. කවුපි, කඩල, මුංඇට, දීසියක් හෝ තම්බපු බිත්තර, තම්බපු එළවලු ආහාරයට ගැනීම ඉතාමත් හොදයි. අවශ්‍ය නම් පමණක් එයට දුඹුරු පාන් පෙති දෙකක් රෝස් කර එක් කරගන්න.

රතුබත් හැදි ‍දෙකකට එළවලු වැඩිපුර එක් කර ගන්න. එය‍ට පළා එක්ක කරගන්න අමතක කරන්න එපා. මස් වෙනුවට මාළු හාල්මැස්සන් ආහාරයට ගන්නට හැකි නම් ගොඩක් හොදයි. නමුත් ඔබ මස් මාංශ අනුභව කරනවා නම් කුකුල් මස් පපු කොටස ආහාරය ගන්න. ඌරු මස් වල තෙල් ඇති නිසා ඒවා ආහාරයට ගැනීම ඉතාමත් අහිතකරයි.

රාත්‍රී ආහාරය ඔබ 7ට කලින් වත් ගත යුතුයි. නින්දට යාමට ඔන්න මෙන්න කියා රෑ ආහාරය ගැනීමෙන් වලකින්න. රෑ නින්දට යාමේදි කිසිම ආහාරයක් නොගන්නනේ නම් වඩාත් හොදයි. එම වේල ඉක්මනින් දිරවිය හැකි ආහාර විය යුතුයි. එළවලු පලතුරු නම් වඩාත් හොදයි.

ඊට අමතරව, පාන් පේස්ට්‍රි වැනි පිටි කෑම අනිවාර්යෙන් අතහැරිය යුතුමයි. ඒ වෙනුවට නැවුම් එළවලු පලතුරු ආහාරයට ගන්න. උදේ 10ටත් හවස 4ටත් බඩගින්නක් දැනෙනවා නම් සුලු ආහාර වේලක් ගන්න. එයට ආමන්ඩ්ස් ඇ‍ට 5-6ක්, කැරට් අලයක් පලතුරු දීසියක් යෝග්‍ය වෙනවා. ඒ වගේම පැණිරස අයිස්ක්‍රීම් පීසා හෝ තෙල් ලුණු අධික ආහාර, ටින් කල ආහාර ගැනීම නවතා දමන්න. හැකිතරම් වතුර පානය කරන්න. දවසකට ලීටර් 2-3ක්වත් පානය කිරීම ඔබේ සිරුරේ හැඩයටත් පැහැපත් සමකටත් පාර කියනවා.

රාත්‍රී නින්ද පැය 6-7ක්පමණ ලබා ගන්න. පලතුරු ජූස් බොන්න එපා. පලතුරු යුෂ හදනවිට ලුණු, සීණි දමන නිසා පලතුරු යුෂ බීම හිතකර නෑ. ඒ වෙනුවට පලතුරු නැවුම්ව අනුභව කරන්න.

මතක තියා ගන්න. මහත් වෙන්න වැඩි කාලක් යන්නේ නෑ. මහන්සියක් නෑ. ඒත් නිරෝගී සිහින් සිරුරක් ලබා ගන්න ඔබට ටිකක් කල් යනවා වගේම මහන්සි වෙන්න ඕන.

මුහුණුපොත ඇසුරෙන්.. 
Share This Article
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top