"යන්න ඕනෑ වෙලාවක නෙවෙයි ඔයාට යන්න වුණේ. තාත්තලා කොයිතරම් හිතනවද තමන්ගේ දරුවන් ගැන." දුනිත්ගේ පියාගේ හදිසි වියෝව ගැන ඇසුණු වෙනස් කතාවක් මෙන්න.
තාත්තා, ඇත්තටම ඒ වචනය සසරක්. ලෝකයේ මොන තරම් පියවරු මේ වගේම දරුවන් වෙනුවෙන් කඳුළු හලනවා ඇතිද?
පිටට පේන්නෙ නැති තාත්තලගෙ ආදරේ ගැන කියන්න ඔහු තවත් එක නිදසුනක් වුණා.
ඔහුගේ අභාවය ගැන බොහෝ දෙනෙක් අද සංවේගයට පත් වෙනවා. ඔහුගේ ක්‍රීඩා දිවියේ ශක්තිය, ඔහුගේ ක්‍රීඩා දිවියේ හෙවනැල්ල දුනිත්ගේ ආදරණීය පියා ඊයේ සිය ආදරණීයයන්ගෙන් සමුගත්තා. මේ සංවේදී පුවත ඔහුට සැලවෙන්නේ ඊයේ තීරණාත්මක ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන තරගය අබුඩාබි හිදී පැවැත්වෙන අතරතුරයි.
මේ ඔහුගේ සමීපතමයෙකු වන ලලින් විරාජ් නෝනිස් එක්කළ සංවේදී සටහනක්,
"1992 මොරටුව වේලස් කුමාර විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ හිතාදර සුරංග වෙල්ලාලගේ (54) මහතාට නිවන් සුව පතමු.
මචං ... යන්න ඕනෑ වෙලාවක නෙවෙයි ඔයාට යන්න වුණේ.
හරිම කණගාටු ආරංචියක් ... තාත්තලා කොයිතරම් හිතනවද තමන්ගේ දරුවන් ගැන.
මොන විදිහට හරි දරුවන් අපහසුතාවයකට පත් වදිද්දී තාත්තෙකුට දැනෙන වේදනාව
දුනිත් නෙත්මික වෙල්ලාලගේ ගේ ලෝකය !"
