ඩිජිටල් මාධ්‍ය අවකාශයේ ජාත්‍යන්තරය දිග්විජය කරමින් හිරු ටික්ටොක් අවකාශය දකුණු ආසියාවේ දෙවැනි තැනට..
ඩිජිටල් මාධ්‍ය අවකාශයේ ජාත්‍යන්තර සංධිස්ථානයක් සනිටුහන් කරමින් හිරු ටික්ටොක් අවකාශය දකුණු ආසියාවේ දෙවැනි තැනට පත්ව තිබෙනවා.
ඒ, මිලියන 5.5කට අධික පරිශීලකයින් සංඛ්‍යාවක් මෙන්ම ලයික්ස් මිලියන 340 ඉක්මවූ දැවැන්ත පරිශීලක වත්කමක් සමගින්.
එහි මුල්තැනට පත්ව ඇත්තේ පාකිස්ථානයේ ටික්ටොක් නාලිකාවක්.
එපමණක් නොව හිරු මාධ්‍ය ජාලයේ ෆේස්බුක් අවකාශය තුළ පරිශීලකයින් මිලියන 16.29ක් මෙන්ම හිරු යූටියුබ් අවකාශය සබ්ස්ක්රයිබර්ස් මිලියන 15.3කින් සමන්විතයි.
ඒ, යූටියුබ් රීච් බිලියන 7.97ක ප්‍රමාණයක්ද සමගින්.
ඒ අනුව ටික්ටොක්,ෆේස්බුක් සහ යූ ටියුබ් අවකාශයන් සියල්ලේම පරිශීලකයින් සහ ග්‍රාහකයින් මිලියන 37 කට අධික ප්‍රමාණයක් සමඟ සමාජ මාධ්‍ය අවකාශයේ සිය අධිපත්‍ය පතුරුවන්නට හිරු මාධ්‍ය ජාලයට හැකිවී තිබෙනවා.