ශ්‍රී ලංකාවේ තුන්වන නැනෝ චන්ද්‍රිකාව හෙට කක්ෂගත වෙයි
Thursday, 18 September 2025 - 13:08 | Views - 216
 
ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන නැනෝ චන්ද්‍රිකාව ලබන හෙට (19) කක්ෂගතවීමට නියමිතයි.
 
BIRDS-X DRAGONFLY නමින් නම්කර ඇති මෙම නැනෝ චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වනදා නාසා ආයතනය විසින් දියත් කළ SPX33 රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙනයන ලද අතර එය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂය වෙත මුදා හරිනු ලැබීමට නියමිතයි.
 
2019 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස රාවණ-1 චන්ද්‍රිකාවත් පසු 2022 වසරේදී ජාත්‍යන්තර පාර්ශවයන් පහක සහභාගිත්වයෙන් යුතු තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය කරන ලද KITSUNE චන්ද්‍රිකාවත් අභ්‍යවකාශගත කිරීමෙන් අනතුරුව, මෙරට තුන්වන නැනෝ චන්ද්‍රිකාව ලෙස අභ්‍යවකාශ ගතවන BIRDS-X Dragonfly පර්යේෂණ නැනෝ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන ගමන් මගෙහි තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරයි.
 
මෙහි එක් සුවිශේෂී කරුණක් වන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවෙන් කිසිදු ප්‍රාග්ධන පිරිවැයක් වැය නොවීමයි.
 
BIRDS-X DRAGONFLY පර්යේෂණ චන්ද්‍රිකාව මගින් මූලික වශයෙන් අභ්‍යවකාශ පර්යේෂණ මෙහෙයුම් තුනක් සිදු කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යාව මේ තරම් දියුණුයි කියලා...
Hiru Tv Blog
ඇත්තටම මේ මොකක්ද වෙන්නේ.? ඒ ගැන ඔබට අදහසක්...
Hiru Tv Blog
විටමින් කැල්සියම්, ඛනිජ ලවන, පොස්පරස් ආදී...
Hiru Tv Blog
ක්ෂය රෝගය ගැන ඇසෙන මේ ආරංචිය මොකක්ද කියලා...
Hiru Tv Blog
රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් 5න් 1 අයෙක්...
Hiru Tv Blog
ඔහු දේශපාලන ලෝකයේ ජනප්‍රිය චරිතයක්. ඇය ගායන ලෝකයේ දිදුලන චරිතයක්. මෙවුන් දෙදෙනා...
Hiru Tv Blog
සඳනි ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා තරුවක්. ඇයට ආදරය කරාන බොහෝ...
Hiru Tv Blog
ඇයට කලා ලෝකයේ ආදරය නොකරන කෙනෙක් නැති තරම්, විනූ උදානි සිරිවර්ධන කියන්නේ ලංකාවේ...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...
Hiru Tv Blog
මානව වර්ගයාගේ පළමු අඟහරු ගමන මෙයයි..නාසා ආයතනය මාස කිහිපයකින් සඳ වටා ගමනක් සඳහා...
Hiru Tv Blog
  ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top