මේ වගේ නිර්මාණයක් ගැන ඔබ නිකමටවත් අසා තිබුණාද..? සහකරුගේ ඇඟිලි සලකුණට පමණක් අවනත තනපටයක්..
Saturday, 13 September 2025 - 14:51 | Views - 285
සමහර කතා අහනකොට ඇත්තටම ඒවා නුපුරුදුයි වගේ හිතුනාට ඇත්තටම මෙය තාක්ෂණයේ සිදුවුණු දියුණුව නිසා ඇසෙන කතාවක් කියලත් කියන්න පුළුවන්.

කාන්තාවන් තමන්ගේ ශරීරයේ වැඩය වෙනුවෙන් භාවිත කරන තනපට නැත්නම් අපි කවුරුත් සාමාන්‍ය ව්‍යහාරයේ කියන බ්‍රා එකක් ගැනයි මේ කියන්න යන්නේ. දන්නවාද මේ බ්‍රා එකේ තියන විශේෂත්වය මොකක්ද කියලා.

2024 වසරේ සිට පියවරෙන් පියවර නිර්මාණය වුණු මෙය ZAWAWORKS හෙවත් යූකි අයිසාවා නම් සිසුවෙකු විසින් නිමවූවක්. මෙහි ඇති විශේෂත්වය නම් එය අඳින තැනැත්තියගේ සහකරුගේ ඇඟිලි සලකුණට පමණක් ගැලවිය හැකි මූලාකෘති තනපටයක් නිර්මාණය කිරීමයි. මෙය ලොව පුර වෙබ් අඩවි ගණනාවක වඩාත් කතා බහට ලක් වූ පුවතක් ලෙස අද වෙනකොට කාගේත් අවදානය දිනාගෙන තිබුණා.

තම සහකරුගේ ඇඟිලි සලකුණකට පමනක් අවනත වන මේ බ්‍රා එකේ කුඩා ඇඟිලි සලකුණු සංවේදකයක් අඩංගු වන අතර, සහකරුගේ ඇඟිලි සලකුණ ලියාපදිංචි කළ පසු, වෙනත් කිසිවෙකුට එය ගැලවිය නොහැකි ලෙසයි නිර්මාණය කර ඇත්තේ.

කෙසේ වෙතත්, ඇතැම් විදෙස්මාධ්‍ය පෙන්වා දෙන්නේ, මෙම තනපටය කිසි විටෙකත් වාණිජ නිෂ්පාදනයක් ලෙස අදහස් කර නැති බවයි. මෙහි අරමුණ වූයේ සබඳතාවල ඇති විශ්වාසය, සමීපත්වය සහ පෞද්ගලිකත්වය වැනි තේමාවන් ගවේෂණය කිරීමත්, ඒ සමඟම තාක්ෂණය මුසු කිරීම පමණක් වන බව මෙම නිර්මාණය ගැන අදහස් දක්වන ඇතැමුන්ගේ මතය වී තිබුණා.

 
Share This Article
Hiru Tv Blog
කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කතා කරද්දී ගොඩක්...
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
ජනප්‍රිය අමෙරිකානු පොප් ගායිකා බියොන්සේ විසින් ඇයගේ 'B'Day' ඇල්බමයේ 20 වන සංවත්සරය...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top