සැකකරු සොයාගත්තත්, ඔහු තවම නිදැල්ලේ.. කරන්දෙණියම කැළඹූ මව සහ පුතු ඝාතන සිද්ධිය ගැන වෙනස්ම කතාවක් එළියට..
කරන්දෙණිය ඒ සිදුවීම ගැන මේ වෙද්දී බොහෝ දෙනා සිටින්නේ දැඩි අවදානයෙන්.
ඇසෙන කතා ගොන්නක් මැද්දේ ඒ මව සහ පුතු ඝාතන සිද්ධිය ගැන ඇසෙන අලුත්ම කතාවයි මේ.
කරන්දෙණිය, කොටවෙල ප්‍රදේශයේ නිවසක සිටි මවක හා පුතකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර පලාගිය සැකකරු මේ වනවිට හඳුනාගෙන ඇති බවත් සැඟවී සිටින ඔහු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් අරඹා ඇති බවත් කරන්දෙණිය පොලිසිය පවසයි.
පෙරේදා (11 දා) රාත්‍රි සිදුවූ මෙම ද්විත්ව ඝාතන සිද්ධියේදී මියගොස් ඇත්තේ කොලහකුරු ගුණවතී නමැති 74 හැවිරිදි මවක හා ඇයගේ 25 හැවිරිදි චතුරංග දිසානායක නමැති පුත්‍රයා බව ද හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු, ඝාතනයට ලක්වූ මව – පුතා පදිංචි නිවස ආසන්නයේ නිවසක පදිංචි 44 හැවිරිදි අයකු බවට සැකකරන බවත් පොලිසිය කියයි.
පෙරේදා රාත්‍රි මෙම මව හා පුතු පදිංචි නිවසට ඉදිරිපිට නිවසක කාන්තාවක සමග සැකකරු ආරවුලක් ඇති කරගෙන තිබෙනවා. එහිදී එම සැකකරු ඝාතනයට ලක්වූ මව හා පුත්‍රයා පදිංචි නිවස දෙසට දිවවිත් තිබෙනවා. එම අවස්ථාවේ සැකකරු මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
සැකකරු, ඝාතනයට ලක්වූ මව හා පුත්‍රයා සමග ඉඩම් ආරවුලක් ඇතැයි හෙළි වූ බව ද පොලිසිය පවසයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව එහි ගිය පොලිස් නිලධාරීහු විමර්ශන ඇරඹුවා.
අනතුරුව එම ඝාතනයන් සිදුවූ ස්ථානයට පැමිණි ඇල්පිටිය වැඩබලන මහෙස්ත්‍රාත් මුනිදාස හාල්පන්දෙණිය මහතා මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙනවා.
මෙම මව – පුතු ඝාතනයට සැක කෙරෙන පලාගොස් සිටින සැකකරු නීති විරෝධි මත්පැන් ජාවාරම්කරුවකු බවත් මොහු ප්‍රදේශයේ ජනතාව භීතියට පත්කරමින් වාසය කළ අයකු බවත් පොලිසිය පවසනවා.
“සර් මේ පුද්ගලයාට සමාවක් නම් දෙන්න එපා. මේ අපරාධයෙන් පස්සෙ අපි බයෙන් ඉන්නෙ සර්. අපිටත් ඔය දේ කරයි ද දන්නෙ නැහැ සර්. ඒ නිසා එයාව අත්අඩංගුවට අරගෙන දඬුවම් දෙන්න සර්…” යැයි එම ප්‍රදේශවාසීහු පොලිසිය ඉදිරියේ පැවසුවා.
කරන්දෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුෂ විතාන මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලිහිනියකුල මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
දිවයින පුවත්පත ඇසුරෙන්..