එළවළු නොකන ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර
Friday, 26 October 2018 - 13:30 | Views - 2,032
සමස්ථයක් ලෙස ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 18 ට අඩු යෞවනයන් ප්‍රමාණවත් තරම් එළවළු නොකන බව සෞඛ්‍ය හා සුබධසාධනය පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනය (Australian Institute of Health & Welfare - AIHW) සිදුකළ පර්යේෂණයකින් හෙළිව තිබෙනවා.

අද නිකුත් කෙරුණු Nutrition Across the Life Stages නම් එම වාර්තාවට අනුව වයස අවුරුදු 2-18 අතර වයසේ පසුවන ඕස්ට්‍රේලියානුවන් 99% ක් ප්‍රමාණවත් තරම් එළවළු ආහාරයට ගන්නේ නැහැ.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් සිය ශක්ති අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකක් සපුරා ගන්නේ ශරීරයට අවශ්‍ය තරම් පෝෂණය නොලැබෙන ක්ෂණික ආහාර වලින් බවයි.

මෙම තත්ත්වය තරුණ පරපුර අතර අතිශය දරුණු බව පෙන්වා දෙන අදාල වාර්තාව, ඔවුන් සිය ශක්ති අවශ්‍යතාවයෙන් 41% ක් ලබා ගන්නේ ක්ෂණික ආහාර වලින් බව පවසනවා.

වයස අවුරුදු 2-8 අතරේ පසුවන ගැහැණු දරුවන් සහ වයස අවුරුදු 4-11 අතර පසුවන පිරිමි දරුවන් පමණක් ප්‍රමාණවත් තරම් පළතුරු පරිභෝජනය කරන බව AIHW වාර්තාව අනාවරණය කරනවා.

ප්‍රමාණවත් තරම් කිරි ආහාර පරිභෝජනය කරන්නේ වයස අවුරුදු 2-3 අතරේ පසුවන කුඩා දරුවන් පමණයි.
අදාල වාර්තාව මගින් අනාවරණය කරන තවත් විශේෂ කරුණක් වනුයේ ක්ෂණික ආහාර පරිභෝජනයට සුවිශේෂි ප්‍රවණතාවක් දක්වන තරුණ පරපුරේ ශාරිරික ක්‍රියාකාරකම් වල පිරිහීමක් දක්නට ලැබෙන බවයි.

ඕස්ට්‍රේලියානු තරුණ පරපුරේ ශාරිරික ක්‍රියාකාරකම් මට්ටම ගැහැණු හෝ පිරිමි භේදයකින් තොරව අන් කවර හෝ වයස් කාණ්ඩයකට සාපේක්ෂව අවම මට්ටම පවතින බව AIHW වාර්තාව අනාවරණය කරනවා.

China Xinhua News ඇසුරෙන්

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top