සිද්ධිය වූ ස්ථානයට ආරක්ෂිත බැම්මක්.. ඇල්ල අනතුරෙන් සත් දිනකට පසු ඇසුණු ඒ ආරංචිය මෙන්න..
Thursday, 11 September 2025 - 16:07 | Views - 88
ඊට පිළියමක් අවශ්‍යයි. ඔවුන් ගත් මේ ක්‍රියාමාර්ගය සාර්ථක වේවිද?

බොහෝ දෙනා කතාබහ කළ ඒ සිද්ධියෙන් පස්සේ මේ ඇසෙන්නේත් ටිකක් වෙනස් විදිහක ආරංචියක්.


ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 15කට මරු කැදවා 18 කට තුවාල සිදුවු ස්ථානයයේ පස්බැමි යොදා ආරක්ෂිත බැම්මක් ඉදි කළ බව ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා පවසනවා.

තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් පවුලේ උදවිය සමග විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී ඉකුත් 4 වනදින රාත්‍රි එම විනෝද චාරිකා බස්‍ රථය අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

මෙම ස්ථානයේ මීට පෙරත් අනතුරු කීපයක් සිදු වී විශාල ජීව්ත රැසක් අහිමි වූ බවත් එම නිසා මාරක අනතුරු අවම කිරිමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්වී මෙසේ මෙම ස්ථානයයේ පස්බැමි යොදා ආරක්ෂිත බැම්මක් ඉදිකර තිබුණා.

මේ අතර, එම මාරක අනතුරෙන් මියගිය පිරිසට පිං අනුමෝදන් කිරීම සහ තුවාල ලැබූවන්ට සෙත් පතා අනතුර සිදු වූ ස්ථානයේ සහ තංගල්ල නගර සභාව අසල මහ පිරිත් සජ්ජායනාවක් සහ පහන් පූජාවක් සංවිධානය කර තිබුණා.

ඇල්ල කොට්ඨාසයේ රාජ්‍ය ආයතන, ව්‍යාපාරික ප්‍රජාව ප්‍රදේශවාසින් එක්වී මෙම පිංකම සංවිධානය කර තිබුණ බවයි වාර්තා වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top