විජේරාම නිල නිවසින් පිටව ගිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ..
Thursday, 11 September 2025 - 16:05 | Views - 110
අද දවසේ දේශපාලන කරලිය තුළ කතාබහට ලක්වෙන බොහෝ කාරණා අතරින් මේ කාරණය සුවිශේෂී වූවක්.


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ලංකාවේ බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගන්න සමත්වුණු දේශපාලන චරිතයක් වුණු ඔහු අද සිය විජේරාම නිල නිවසින් පිටව ගියා.

හිටපු ජනාධිපතිවරයා විජේරාම නිල නිවස භාර දී ඔහු මැදමුලනේ පිහිටි සිය නිවස බලා පිටත්ව ගිය බවයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ කියා සිටියේ. මේ අතර හිටපු ජනපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග යන අයද සිය නිල නිවෙස් රජයට ලබාදීමටයි තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන රහිතව ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණයි.

ඒ අනුව අදාළ කෙටුම්පත බහුතර ඡන්දයකින් සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

මේ අතර, ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී විපක්ෂය නියෝජනය කරමින් සභා ගර්භයේ රැදී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක ඊට විරුද්ධව ඡන්දය ලබාදුන් අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්ච්චුනා ඊට පක්ෂව ඡන්දය ලබාදීම ද විශේෂත්වයක්.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත, පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එමගින් හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව අත්හිටුවීමට යෝජනා කර තිබුණා.

එසේම හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව, නිල ප්‍රවාහන සහ වෙනත් සියලු‍ පහසුකම්ද ඉවත් කිරීමට නියමිතයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top