වෙනස් සිනමාවක් සොයන අපේ කාලයේ ප්‍රේක්ෂකාගාරයට තිළිණ වුණු අපූරු සිනමාපටය "My Red Comrade" තවත් විශේෂ සම්මානයකින් පිදුම්ලැබූ වගයි..
Thursday, 11 September 2025 - 16:03 | Views - 91
ලාංකීය සිනමාව, කාලයෙන් කාලයට කතාබහට ලක්වන ප්‍රබල මාතෘකාවක්. 


වාණිජ සිනමාවට සේම සම්භාව්‍ය සිනමාවට මෙරට ප්‍රේක්ෂකාගාරය දැඩි උනන්දුවක් දක්වන අවස්ථා ඕනෑතරම් දැකගන්න පුළුවන්. ලාංකීය සිනමාව මේ තරම් කාලයක් දුර වෙනස් වෙනස් මුහුණුවර සමඟ අපට දැකගන්න ලැබුණා. ඒ වෙනසට නව මුහුණුවරක් ලබාදෙන්නට සමත්වුණු තවත් එක් වෙනස් චිත්‍රපටයක් වෙනුවෙන් හිමිවුණු සම්මානයක් ගැනයි මේ ආරංචිය.

"My Red Comrade" මෙරට සිනමාවේ තවත් එක් හැරවුම් ලක්ෂයක්. සිනමා පාරිශුද්ධත්වය සහ අලංකාරය එක ලෙස විඳින්නට හැකි පරිද්දෙන් නිර්මාණය වුණු මේ අපූරු සිනමාපටය මෙරට පමණක් නොව ලෝකයේ තවත් රටවල අවධානය දිනාගැනීමට සමත් වුණා. 

ඒ අපූරු නිර්මාණ කාර්ය වෙනුවෙන්, 7 වැනි South Asian Film, Arts and Literature (SAFAL) International Film Festival හිදී Best Feature Film සම්මානයෙන් පිදුම් ලබන්නට මෙම චිත්‍රපටයට හැකියාව ලැබුණා.

මේ සිනමාපටය දිවෙන විනාඩි 90ක කාලය තුළ එකම දර්ශන තලයක්, චරිත ද්විත්වයක් විශ්මයක් එක්කම සැඟවුණු රූපාලංකරණද ගොන්නක් ප්‍රේක්ෂකයා අතරට ගෙන එන්න සමත් වෙනවා.  සුගත් මහදිවුල්වැව විසින් අධ්‍යක්ෂණය කළ "My Red Comrade" සිනමාපටය මෙරට ප්‍රේක්ෂකයා වෙත සමීප වෙන්නේ 2024 වසරේදීයි.. ආසිරි අල්ලගේ සහ තරින්දි ප්‍රනාන්දු විසින් මේ සිනමාපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට පණ දෙනවා.

වෙනස් සිනමාවක් සොයා යන අපේ කාලයේ ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් නිර්මාණය වුණු මේ සිනමාපටයේ කතා තේමාව ඇත්තෙන්ම වෙනස් වූවක්. කාන්තාවකට සමාජයේ හිමිවන තැන, ආදරයට සමාජයේ හිමිවෙන තැන ගැන එකිනෙකට වෙනස් කෝණ හරහා අපූරුවට පෙළගස්වන්න මේ සිනමාපටයට පුළුවන් වෙනවා.

එක් දර්ශන තලයක් තුළ කැමරා රූප රාමු එකට එක්කරමින් සිදුකළ මේ අපූරු සිනමා නිර්මාණය ඇත්තටම වෙනස් විදිහක අත්දැකීමක් විඳින්න කැමති ප්‍රේක්ෂකාගාරයට ආයෙ ආයෙත් නරඹන්න හිතෙන චිත්‍රපයක් වන බව නම් සත්‍යක්. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top