"CALIN POPULAR AWARDS 2025" සම්මාන රාත්‍රියේදීත් 'හිරු' සම්මාන රැසකින් පිදුම් ලබයි...
ශ්‍රී ලාංකේය විද්‍යුත් මාධ්‍ය අවකාශයේ විශිෂ්ටයා 'හිරු' බව යළි තහවුරු කරමින් 'CALIN POPULAR AWARDS 2025' සම්මාන රාත්‍රියේදීත් සම්මාන රැසකින් පිදුම් ලැබීමට හිරු මාධ්‍ය ජාලය සමත් වුණා.
'CALIN POPULAR AWARDS 2025' සම්මාන රාත්‍රිය අද (10) අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන්නේ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි Monarch Imperial හෝටල් පරිශ්රයේදීයි.
එහිදී, සම්මාන පිට සම්මාන ලබන හිරුගේ ජනප්‍රියත්වය නැවත නැවතත් තහවුරු කරමින් වසරේ වඩාත් ජනප්‍රියම රූපවාහිනී නාලිකාවට හිමි සම්මානය මෙවරත් HIRU TV හිමිකර ගැනීමට සමත් වුණා.
එමෙන්ම, ජනතාවාදී ජනමාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් හිරු ප්රවෘත්ති මෙතෙක් ආ ගමන්මගේ විශිෂ්ටත්වය යළිත් තහවුරු කරමින් පැත්ත ගියත් ඇත්ත කියන 'හිරු ප්රවෘත්ති', වසරේ ජනප්‍රියතම ප්රවෘත්ති නාලිකාව ලෙසින් මෙහිදී සම්මානයට පාත්රවුණා.
එමෙන්ම වසරේ ජනප්‍රියම රියැලිටි වැඩසටහනට ලෙසින් ‘Hiru Star’ වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා.
වසරේ ජනප්‍රියතම Chat Programme වැඩසටහන ලෙසින් සම්මානයෙන් පිදුම් ලැබුවේ හිරු ටීවී ‘Copy Chat’ වැඩසටහනයි.
එමෙන්ම, වසරේ වඩාත් ජනප්‍රියම ගුවන්විදුලි වැඩසටහන ලෙසින් HIRU FM 'අරා & පැස්බරා' වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා.
වසරේ ජනප්‍රියම රූපවාහිනී සන්නාමය ලෙස, HIRU TV මෙහිදී සම්මානයට පාත්‍ර වුණා.
වසරේ ජනප්‍රියම වැඩසටහන් ඉදිරිපත් කරන්නා ලෙස, HIRU TV - "HIRU STAR" නිවේදක සාරංග දිසාසේකර සම්මානයෙන් පිදුම් ලැබුවා.
එසේම වසරේ ජනප්‍රියම ගුවන් විදුලි ප්රවෘත්ති නාලිකාව ලෙස HIRU FM මෙහිදී සම්මානයට පාත්‍ර වුණා.
වසරේ ජනප්‍රියම ගුවන් විදුලි නාලිකාව ලෙස HIRU FM සම්මානයෙන් පිදුම් ලැබුවා.
එමෙන්ම වසරේ ජනප්‍රියම වින්දනාත්මක ගුවන් විදුලි නාලිකාව ලෙස "Shaa FM" සම්මානයට පාත්‍ර වීමත් විශේෂත්වයක්.
වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යය ලෙසින් HIRU TV ‘පාට කුරුල්ලෝ’ ටෙලිනාට්‍ය සම්මානයට පාත්‍ර වූ අතර වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවාට හිමි සම්මානය HIRU TV ‘පාට කුරුල්ලෝ’ වෙනුවෙන් සජිත ඇන්තනීට හිමිවුණා..