ඔළුව කැක්කුම හැදෙන තැන අනුව ඔබේ අසනීප ලෙඩදුක් කියවෙන හැටි මෙන්න
Wednesday, 19 April 2017 - 15:02 | Views - 40,304

හැමෝමට හිස කැක්කුම හැදිලා තියෙනවානේ. හිස කැක්කුම විවිධාකාර යි. ඒකට හේතු ගොඩක් තියෙනවා. උදාහරණයක් විදියට මහන්සියට වගේම විජලනයටත් හිස කැක්කුම හැදෙනවා. සෙම් රෝග වැනි වෙනත් රෝග නිසාත් හිස කැක්කුම හැදෙනවා. සමහර විට මීට වඩා බරපතළ රෝගාබාධ නිසාත් හිසේ කැක්කුම ඇති වෙන්න පුළුවන්. ඒක නිසා හිස කැක්කුම ගැන අපි මීට වඩා සැළකිලිමත් වෙන්න ඕනෙ. ස්නායුරෝග විශේෂඥයින් කියන්නෙ හිස කැක්කුම කියන්නෙ රතු එළියක් කියලා. ඔවුන් කියන්නෙ සාමාන්‍ය හිස කැක්කුමකින් මේ රතු එළිය වෙන් කර ගන්න අපි දැනගෙන ඉන්න ඕනෙ කියලා. සාමාන්‍ය හිස කැක්කුම් වර්ග 4 ක් ගැන ඔවුන් සඳහන් කරනවා. මේවා අපේ සිරුර ගැන ඉඟි පළ කරන බවයි විශේෂඥ මතය. ඒ ඉඟිය හරිහැටි තේරුම් ගත්තෙ නැත්නම් අපට සැඟවුණු රෝගාබාධය හඳුන ගන්න බැරි වෙනවා.
කෝටරක ප්‍රදාහය කියන්නෙ එක් වර්ගයක්. හිස් කබලේ තියෙන හිස් අවකාශ තමයි සරළවම මේ කෝටරක කියන්නෙ. මේ කෝටරකවල තරලය පිරිලා එයින් ඇතිවන පීඩනය වැඩි වුණහම තමයි මේ හිස කැක්කුම ඇති වෙන්නෙ. කම්මුල්, ඇස්, නළල වැනි ස්ථානවලට මේ වේදනාව දැනෙනවා. උණ ගන්න වුනත් පුළුවන්. මේකට ප්‍රතිකාර තමයි දැන් අපි කියන්න යන්නෙ.
ආතතිය නිසා ඇතිවන හිසරදය
මේක ගොඩක් සුලභව තියෙන හිසරදය කියල කිව්වොත් නිවැරදියි. මනසට ඇතිවන පීඩනය නිසා එය කායිකව දැනෙන්න ගන්නවා. හිසේ පිටුපස, බෙල්ල, ඇස් ආශ්‍රිත ප්‍රදේශවල මේ වේදනාව ඇතිවෙනවා. මේකට ප්‍රතිකාර විදියට ඉඟුරු තේ සහ පෙපර්මින්ට් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන්. හිස වටේට පෙපර්මින්ට් ඔයිල් ස්වල්පයක් ගල්වන්න. එයින් සහනයක් ලැබේවි.
වැඩිපුර ජලය සහ දියර වර්ග පානය කරන්න. උණු ජලයෙන් යම් සහනයක් ලැබේවි. උණු ජලය නිසා මේ කෝටරක විවෘත වෙලා ඒවායේ තියෙන පීඩනය නැති වෙලා යන නිසා හිස කැක්කුම නැති වෙනවා. දොඩම් වගේ විටමින් සී බහුල ආහාර කෑමට ගන්න. දෙහි දාපු ග්‍රීන් ටී එකක් බොන්න. මේ විටමින් සී වලට හැකියාව තියෙනවා ප්‍රදාහයන් සමනය කරන්න. ඒවා ඇන්ටිටොක්සිඩන්ට් විදියට ක්‍රියා කරනවා. අමු ඉඟුරු හොඳ බෙහෙතක්. අමු ඉඟුරු ප්‍රදාහයන් සමනය කරනවා. ඒ වගේම වේදනාව අඩු කරන්න හැකියාවකුත් තියෙනවා.
ක්ලස්ටර් හෙඩෙක් කියන තත්ත්වය තමයි තුන්වෙනි එක. මේක චක්‍රයක් ආකාරයට හෝ පොකුරක් ආකාරයට ස්ථාන කිහිපයක ඇතිවෙන හිසරදයක්. ක්ෂණිකව හිසේ එක් පැත්තක වේදනාවක් ඇතිවෙනවා. මේ වේදනාව හිසේ දිවෙන බවක් දැනෙන්නේ කිසියම් ස්නායුවක් දිගේ මේ සංවේදනය දැනෙන නිසා. ප්‍රතිකාරයක් ලෙස කැප්සිසින් ක්‍රීම් පාවිච්චි කරන්න. රතු මිරිස්වල තියෙන සංයෝග මේ ක්‍රීම් එකේ අඩංගු වෙනවා. ඉතා කුඩා ප්‍රමාණයක් නාස් පුඩු දෙකේ තවරන්න. ඒකෙන් ස්නායුවේ වේදනාව ගමන් කරන එක නවතින නිසා වේදනාව නැති වේවි.
අනිත් එක මිග්රේන් කියන හිසරදය. සිංහලෙන් කියන්නෙ ඉරුවාරදය. වයස 25 සිට 55 අතර පුද්ගලයින්ට බහුලවම වැළඳෙන රෝගයක්. මේක තරමක් සංකීර්ණ තත්ත්වයක්. හිසේ දෙපැත්තෙම එකවර මේ වේදනාව ඇතිවෙනවා. වමනය, කරකැවිල්ල, ඔක්කාරය මෙහි අනිත් රෝග ලක්ෂණ වෙනවා. ආලෝකයට සංවේදීයි. හිරු එළිය බලන්න බැරිවෙනවා. ඒ වගේම සමහරු ගඳ සුවඳට, ස්පර්ශයට, ශබ්දයට සංවේදී වෙනවා. මුහුණේ හිරි ගතිය තවත් එක් සලකුණක්. හිස මුදුනෙන් ඇතිවෙලා පහලට දිවෙන වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. මෙයට ප්‍රතිකාර ගැනීමේ දී ඔමේගා – 3 ලිපිඩ අඩංගු ආහාර ගැනීම, විටමින් බී ටුවෙල්ව් සහ මැග්නීසියම් බහුල ආහාර ගැනීම උපකාරයක් වෙනවා. කොහොම වුනත් ඉරුවාරදය හැදුනට පස්සෙ ප්‍රතිකාර කරනවාට වඩා හැදෙන එක වළක්වගන්න එක හොඳයි. ඉහත කියපු සංඝටක අඩංගු ආහාර වැඩිපුර ගැනීම, ව්යාරයාම කිරීම වගේ දේවල් නිතර කරනවා නම් ඉරුවාරදය හැදෙන එකක් නැහැ.
උපුටාගැනීම අන්තර්ජාලයෙනි..
Share This Article