ඒ දවස අනිද්දා.. මෙරට ලක්ෂ ගණනකගේ බැංකු ගිණුම්වලට මුදල් බැරවෙන දවසක්..
මේ කියන්න යන්නේ සැප්තැම්බර් මසට අදාළව අස්වැසුම දීමනා ලැබෙන්න යන ඒ දවස ගැන කතාවක්.
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ 2025 සැප්තැම්බර් මසට අදාළ දීමනාව, අනිද්දා බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි. සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් අද මේ බව පවසා තිබුණා.
එම මණ්ඩලය සඳහන් කරන්නෙ, මෙලෙස රු.11,201,647,000.00ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,412,574ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි.
ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට සැප්තැම්බර් මස 12 වන දා සිට තමාට හිමි අස්වැසුම දීමනාව තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකියි.