අඹු සැමි යුවළකට බරපතලයි... සිද්ධියට හේතුව පවුල් ආරවුලක්ද..?
Wednesday, 10 September 2025 - 14:41 | Views - 94
මේ සිද්ධිය ඇසූ දුටු සැමටත් ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. මෙවැනි වයසක පසුවෙන යුවලටක නන්නාදුනන පිරිසක් පහරදීලා.


මේක කාගේ වැඩක් වුණත් දැන් ඒ යුවල පසුවෙන්නේ බරපතල තත්වයේයි. මේ අන්න ඒ සිද්ධිය ඇසෙන වෙනස්ම කතාවක්.

තියුණු ආයුධ අතැතිව මුඛ ආවරණ පැළඳ මෝදර ශාන්ත ඇන්ඩ්‍ර ඉහළ පාර නිවසකට ඊයේ (09) රාත්‍රී කඩා වැදුණු නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අඹුසැමි යුවලකට පහරදීමේ සිද්ධියක් වාර්තා වෙනවා. මෙම දෙදෙනා යුවලට බරපතල තුවාල කර පලා ගොස් ඇති බවයි, මෝදර පොලිසිය පවසන්නේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 68 ක අඹුසැමි යුවලක්.

ත්‍රිරෝද රථයකින් මෙම නාඳුනන පුද්ගලයන් දෙදෙනා පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධියෙන් බරපතල තුවල ලද කාන්තාවගේ නැගණිය විදේශගතව සිටින අතර ඇය සමඟ වූ ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

ප්‍රහාරයේ එල්ල කරන්නට පැමිණි පුද්ගලයන් දෙදෙනා එකම වර්ණයෙන් යුත් ටී ෂර්ට් සහ කැප්තොප්පි පැළඳ පැමිණ ඇතැයි නිරීක්ෂණය වන බව පොලිසිය කියනවා.

ප්‍රහාරය එල්ල කරන අයුරු නිවසේ සවිකර තිබූ සීසී ටීවී කැමරාවේ ද සටහන් වී තිබෙනවා.

පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෝදර පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top