කටුනායක සිට කත්මන්ඩු ගුවන් ගමන් අත්හිටුවයි.. පවතින තත්වය හමුවේ ඔවුන් ගත් ඒ විශේෂ තීරණය ගැන ඇසෙන කතාව මෙන්න..
පවතින තත්ත්වය හමුවේ සිය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපළ අතර සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති බවයි වාර්තා වෙන්නේ.
එසේ ගුවන් ගමන් අත්හිටුවා ඇත්තේ, අද උදෑසන සිටයි.
මේ අතර, නේපාල රජයේ මාධ්‍ය මර්දනය හමුවේ උත්සන්න වූ දේශපාලන නොසන්සුන්තාව සහ ප්‍රචණ්ඩකාරී විරෝධතාවෙන් බලපෑමට ලක්වූ, ඉන්දියාවේ සිට මාර්ගයෙන් ලුම්බිණියට ගිය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එරටින් ඉවත් කිරීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම වන්දනාකරුවන් දැනට ඉන්දියා - නේපාල දේශසීමාවේ සිටින බවයි, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ.