ගුවන් නියමුවා කියූ කතාව අසා කලබලයෙන් දුවගිය ගුවන් සේවිකාව පොඩි දරුවෙකුගේ පැනයට පිළිතුරු දෙයි.. පියා සැරියක් අතරතුර ඇසුණු ප්‍රේමණීය කතාවක් මෙන්න..
Wednesday, 10 September 2025 - 14:39 | Views - 98
සමාජ මාධ්‍යවල නිතර දෙවේලේ සැරිසරන්නේ එකිනෙකට වෙනස් කතා. මේ කතාවත් අන්න ඒ වගේ එකක්. 


විදෙස් ගුවන් සේවයකින් ඇසෙන මේ කතාව නම් ඇත්තටම හරි ප්‍රේමණීයයි. අහම්බයකින් වගේ ගුවන් යානයක් තුළ සිදුවුණු මේ පුවත අද සමාජමාධ්‍යවල කාගේත් අවදානය දිනාගත්ත සිද්ධිය වෙලා.

ගුවන් නියමුවා මයික්‍රෆෝනය ක්‍රියාත්මකව තිබියදී වැරදීමකින් කියූ ඒ කතාව අසා එක් ගුවන් සේවිකාවක් පමණක් කලබල වුණේ ඇයි.? ඔබත් කැමති ඇති නේද ඒ කතාව දැනගන්න.

"අපි පැය භාගයකින් ගමනාන්තය වෙත ගොඩ බස්සනවා" කියලා නියමුවා හැමෝටම ඇහෙන්න නිවේදනය කළා...

ඊට පස්සේ ඔහුට මයික් එක ඕෆ් කරන්න අමතක වෙලා තිබුණා... ඉන් පසු ඔහු සහය නියමුවාට මෙහෙම කියනවා....

"ඉස්සරවෙලාම මම උණු තේ එකක් බොනවා... ඊට පස්සේ මම ඒක ගෙනාව ගුවන් සේවිකාවව සිපගන්නවා..."

මේක හැමෝටම ඇහුණ නිසා එක් ගුවන් සේවිකාවක් මයික් එක ඕෆ් කරන්න කියලා ගුවන් නියමුවාට කියන්න ඉස්සරහට දුවන්න පටන්ගත්තා...
ඒත් එයා දරුවෙකුගේ කකුලක හැප්පිලා වැටෙනවා...

දරුවා ගුවන් සේවිකාවගෙන් මෙහෙම අහනවා...

"ඇයි ඔයා මෙච්චර හදිස්සියේ දුවන්නේ... එයා ඉස්සර වෙලාම තේ එකක් බොනවා කියලනේ කිව්වේ.."

 

සමාජ මාධ්‍ය ඇසුරෙන්.. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top