මාස 09 ට 1,870 දෙනෙක් ජීවිතයෙන් සමු අරන්..
වසරේ ගතවූ කාලය තුළ මාරක රිය අනතුරු 1,757ක්; 1,870ක් ජීවිතක්ෂයට පත්වෙලා..
මෙම වසරේ ජනවාරි මස පළමු වනදා සිට සැප්තැම්බර් මස 04 වනදා දක්වා සිදුවූ මාරක රිය අනතුරු 1,757කින් පුද්ගලයින් 1,870 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මේ බව කියා සිටියේ කොළඹ ඊයේ(08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ..
"දිනකට 07 දෙනෙක් 08 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වෙනවා විශේෂයෙන්ම මේ මාරක රිය අනතුරුවලින්. දැන් 2025 වසරේ ජනවාරි 01 වනදා සිට සැප්තැම්බර් 04 වනදා දක්වා මාරක රිය අනතුරු 1,757කින් 1,870 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඒ නිසා මාර්ගය භාවිතාකරන රියදුරු මහතුන්, පැදිකරුවන්, පදිකයින් සහ මගීන් කියන සියලුමදෙනාම මාර්ග නීතිවලට අවනත වෙලා මාර්ග සංඥාවලට අවනතවෙලා ස්වයං පාලනයකින් කටයුතු කළ යුතුයි."