19ක් යන්නම ගියාම , ඔන්න තහනමත් ඉවත් කරලා..
Tuesday, 09 September 2025 - 11:14 | Views - 178
 
විරෝධතාවලින් හකුලා ගන්න සිදුවූ සමාජ මාධ්‍ය තහනම.. 
 
විරෝධතාවලදී පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසුව, නේපාලය සමාජ මාධ්‍ය සඳහා පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.
 
කැබිනට් ප්‍රකාශක සහ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය ප්‍රිතිවි සුබා ගුරුන්ග් අද අලුයම පැවසුවේ රජය පසුගිය සතියේ පනවන ලද සමාජ මාධ්‍ය තහනම ඉවත් කළ බවයි.
 
සමාජ මාධ්‍ය සඳහා තහනම් පැනවීමත් සමග රට පුරා ඇතිවූ මහජන විරෝධතා සහ ආරක්ෂක හමුදා සමඟ ඇති වූ ගැටුම්වලින් 19ක් මියගොස් තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තිබුණා.
 
රජයේ ලියාපදිංචි නොවීම හේතුවෙන් Facebook, YouTube, WhatsApp, Instagram ඇතුළු සමාජ මාධ්‍ය 26ක් තහනම් කිරීමට නේපාල රජය පසුගියදා පියවර ගත්තා.
 
"සමාජ මාධ්‍ය තහනම අපි ඉවත් කර ගත්තා. ඒවා දැන් ක්‍රියාත්මකයි," ගුරුන්ග් පැවසුවා.
 
 රජයේ සමාජ මාධ්‍ය වේදිකා තහනම් කිරීමට එරෙහිව ඊයේ වීදි බැස විරෝධතා දැක්වීමට දහස් ගණනක් තරුණයින් පැමිණීමෙන් පසු නේපාල ආරක්ෂක හමුදා සමඟ ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූවා. 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top