'' එදා මමයි පුතයි විත­රයි ගෙදර හිටියේ.. මම පස්ස හැරිලා බලනකොට කටේ මොනවාද තිබ්බා...අන්තිමේ එයාව මට නැති වුණා..''
Tuesday, 09 September 2025 - 11:06 | Views - 247
පුංචි අය මල් වගේ , පුංචිම පුංචි වෙලාවක් ඇති එයාලට වරදක් වෙන්න.. 
ඒ නිසා දරුවෝ ගැන නිතරම කල්පනාවෙන් ඉන්නම වෙනවා... 
 
“දරු­වාගේ උගුරේ හිර­වෙලා තිබුණු මූඩිය ඉවත් කළත්, වෛද්‍ය­ව­රයා කිවුවා හැකි ඉක්ම­නින් කරා­පි­ටිය රෝහ­ලට ගෙනි­යන්න කියලා. 1990 ගිලන් රථය ගෙන්නු­වත් ඒ අයට ගෙනි­යන්න බෑ කිවුව නිසා වෙනත් වාහ­න­යක් හොයා­ගෙන දරුවා කරා­පි­ටිය රෝහ­ලට රැගෙන එන­වි­ටත් සිහිය තිබුණේ නෑ” යැයි බෝතල් මූඩි­යක් උගුරේ සිර­වී­මෙන් පසු මිය­ගිය මාස 09ක් වය­සැති පිරිමි දරු­ව­කුගේ මරණ පරී­ක්ෂ­ණයේ දී සාක්කි දුන් මව කීවාය.
 
මෙලෙස මිය­ගොස් ඇත්තේ හික්ක­ඩුව, ගොඩ­වත්ත, මිල්ල ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි උඩු­ගම ලියන කංකා­නම්ගේ ලුෂේන් ආදිව් නමැති දරු­වෙකි. මෙම දරු­වාගේ මර­ණය සම්බන්ධ හදිසි මරණ පරී­ක්ෂ­ණය ගාල්ල ජාතික රෝහලේ දී පසු­ගිය 06 වැනි දා හදිසි මරණ පරී­ක්ෂක චන්ද්‍ර­සේන ලොකුගේ මහතා විසින් පව­ත්වන ලදි. මිය­ගිය දරු­වාගේ මව වන මෝදර ආචා­රිගේ දිල්කි යසාරා හංසිනී (22) මහ­ත්මිය සාක්කි දෙමින් මෙසේ ද කීවාය.
 
“පසු­ගිය 05 වැනි දා සවස 2.30ට පමණ මේ සිද්ධිය වුණේ, මමත් දරු­වාත් විත­රයි ගෙදර හිටියේ, මහ­ත්තයා රෙස්ටු­රන්ට් එකේ වැඩට ගිහින් තිබුණා. මහ­ත්ත­යාගේ තාත්තා ගෙදර එහා පැත්තේ ගඩොල් කප­මින් හිටියා. මමත් පුතාත් ඇඳ උඩ හිටියේ. ළමයා ඇඳෙන් බැස්සා. වටේ ති‍ෙයන බඩු අල්ල­මින් එයා කණ්ණාඩි මේසේ ළඟට ගියා. මම බෙහෙත් ටික ගන්න සාල­යට ගන්න ගියා. යන අතරේ පස්ස හැරිලා බැලුවා. බලන විට කටේ මොනවා හරි දාගෙන කියලා දැක්කා. මම ළඟට ඇවිත් බැලු­වාම දැක්කා කණ්ණාඩි මේසේ උඩ තිබුණු සෙන්ට් කුප්පියේ මූඩිය කට ඇතුළේ තියෙ­නවා. මම අත දාලා ගන්න හැදුවා. පිට­ටත් තට්ටු කළා. ළම­යාට කැස්ස­කුත් ආවා. එහෙම ම මූඩිය ඇතු­ළට ගියා වගේ මට දැනුණා. මම තාත්තාට කෑග­හලා කතා කළා. එයත් දුව­ගෙන ආවා. පස්සේ උඩ ගෙදර අයියා මාවත් ළම­යත් බයි­සි­කලේ තියා­ගෙන නාරි­ගම පුද්ග­ලික රෝහ­ලට එක්ක­ර­ගෙන ගියා. එත­නින් මූඩිය ඉවත් කළා. ඒ අය කිවුවා ඉක්ම­නට රෝහ­ල­කට අර­ගෙන යන්න කියලා. අපි ඒ වෙලාවේ 1990 ගිලන් රථ­ය­කට කතා කළා. පැය භාග­ය­කින් විතර එයාලා ඇවිත් කිවුවා පුද්ග­ලික රෝහ­ලක ඉඳලා රෝගීන් අර­ගෙන යන්න එයා­ලට බෑ කියලා. ඒ නිසා වෙනත් වාහ­න­යක් කතා කර­ගෙන එතැන හිටපු වෛද්‍ය­ව­ර­යෙක් සහ හෙදි­යක් සමඟ පුතාට ඔක්සි­ජන් දෙමින් ගාල්ල ජාතික රෝහ­ලට රැගෙන ආවා.
 
කරා­පි­ටි­යට රැගෙන එන කොට දරු­වාට සිහිය තිබුණේ නෑ. ඒ වෙලා­වෙම දැඩි සත්කාර ඒක­ක­යට ඇතුළු කළා. රෝහ­ලෙන් ඉක්ම­නට ප්‍රති­කාර කළා. ඒත් පසුව දා (06) උදේ 8.15ට විතර ළමයා නැති වුණා.”
 
මෙම මර­ණය සම්බ­න්ධ­යෙන් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු­කළ ලියා­ප­දිංචි අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රිනී එම්. මධු­වන්ති ජය­සිංහ මහ­ත්මි­යගේ වාර්තාව සහ ඉදි­රි­පත් වූ සාක්ෂි සලකා බැලූ හදිසි මරණ පරී­ක්ෂක චන්ද්‍ර­සේන ලොකුගේ මහතා මර­ණය සිදුව ඇත්තේ සෙන්ට් කුප්පියේ පියන උගුරේ සිර­වීම හේතු­වෙන් හුස්ම හිර­වී­මෙන් බව නිග­ම­නය කළේය.
 
දිනමිණ.. 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top