මෙන්න මේවා කරන අයට වැඩ වරදින්නයි යන්නේ..
ඔන්න හොර බඩු අල්ලන්න , අලුත් ජෝඩුවක් ඇවිල්ලා..
ශ්‍රී ලංකා රේගුවට අයත් කටුනායක ගුවන්තොටුපළ පර්යන්තයට රුපියල් කෝටි පහක පමණ වටිනාකමකින් යුත් අති නවීන පරිලෝකන යන්ත්‍ර දෙකක් එක්කර ඇතැයි වාර්තා වෙනවා.
ජර්මනියෙන් ආනයනය කරන ලද මෙම යන්ත්‍රවල පරිලෝකන ක්‍රියාවලිය 2D තාක්ෂණයෙන් සිදුවන බැවින්, වඩාත් විධිමත්ව නීති විරෝධී ද්‍රව්‍ය හඳුනාගැනීමට හැකියාවක් පවතින බව කටුනායක ගුවන්තොටුපළ රේගු අධ්‍යක්ෂ තිළිණි පීරිස් සඳහන් කළා.
විශේෂයෙන්ම රට තුළට ඇතුළු වන නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී සිගරට් ඇතුළු ද්‍රව්‍ය පිළිබඳ මේ හරහා විශේෂ අවධානයක් යොමුවනු ඇති.
මේ වන විටත් මෙම යන්ත්‍ර සඳහා අවශ්‍ය පුහුණුව රේගු නිලධාරීන්ට ලබා දී ඇති බවත්, තවදුරටත් ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම් ලබා දෙන බවත් ශ්‍රී ලංකා රේගුව තහවුරු කළා.