ඔව් ඒක අස්ථානගත වෙලා.. ජාතික රෝහලේ සිදුවූ ආන්දෝලනාත්මක කතාවක්..
Wednesday, 03 September 2025 - 10:02 | Views - 156
 
ඇත්තටම මළ සිරුරකට මෙහෙම වෙන්නේ කොහොමද ? 
 
කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ බිළිඳු මළ සිරුරක් අස්ථානගතව ඇතැයි මරදාන පොලිසිය පවසනවා.
 
ඉකුත් අගෝස්තු මස 01 වැනිදින දෙමටගොඩ පොලිස් වසමේ මාලිගාවත්ත දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රියක වැසිකිළියක් තුළ තිබි මෙම බිලිදු මළ සිරුර හමුවුණා.
 
ඒ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය මගින් විමර්ශන සිදුකර මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ බිළිදු මළ සිරුර තැන්පත් කර තිබුණා.
 
එම දේහය සම්බන්ධයෙන් ඉකුත් මස 29 හා 31 වෙනි දිනයන් හි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත පැමිණ ළමා මෘත දේහය සම්බන්ධයෙන් විමසා ඇතිමුත් එම දේහය සොයාගැනීමට නොහැකි වී තිබෙනවා.
 
මරදාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා. 
 
 
Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ අද දවසේ ඇසෙන තවත් එක් විශේෂ...
Hiru Tv Blog
රටේ පවතින දැඩි ඉන්ධන සහ විදුලි අර්බුදය...
Hiru Tv Blog
පිළිකාව, බොහෝ දෙනා තුළ බියක් ඇති කරන තවත්...
Hiru Tv Blog
ඇය දුටු පමණින් කාගේත් නෙත් සිත් ඇදගන්නා, පුංචි සුරංගනාවියක් වැනි රුවකට හිමිකම්...
Hiru Tv Blog
කලා ලෝකයේ අපට හමුවන දක්ෂ වගේම දකින ඕනෑම කෙනෙකුගේ හිත ඇද බැඳ ගන්නා රූපයකට හිමිකම්...
Hiru Tv Blog
ඇය කාගේත් ආකර්ශනය දිනාගත්ත හරිම ආදරණීය කලා ශිල්පිනියක්. දිනිති වල්ගමගේ, ...
Hiru Tv Blog
අඩසියවසකට පසු පෘථිවිය දිස්වුණු අපූරුව! ‘Hello World’ කියමින් Artemis II සඳ ගමනෙන් ආ සුපිරි...
Hiru Tv Blog
නාසා (NASA) ආයතනයේ මේ ඓතිහාසික පිම්ම දෙස මුළු ලෝකයම මේ වනවිට දෑස් දල්වාගෙන බලා සිටිනවා.  ලෝක...
Hiru Tv Blog
මේ කාලසීමාව ඔවුන්ගේ මුළු රටටම විශේෂ වුණු කාලයක්.බලන්නකෝ මේ කියන්න යන්නේ මොකක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top