තුනේ ටිකට් අරන් දෙකේ ගිය අයට වෙච්ච වැඩේ..
ඇත්තටම දුම්රියේ ගමන කියන්නේ ඉතින් අපි හැමෝම දන්නා දෙයක් නේ.
ඒ වුණත් , මේ ටිකට් පළහිලව් ගැනනම් ඇත්තටම සමහර අය දන්නෙත් නෑ. දැනගෙන මෙහෙම කරන අයත් නැතුවාම නොවෙයි.
ඉතින් මේ කියන්න යන්නේ ටිකට් නැතුව දුම්රියේ ගමන් ගන්නා අය ගැනනම් නෙමෙයි , තුන්වෙනි පන්තියේ ටිකට් අරන් දෙවැනි පන්තියේ පෙට්ටිවල ගමන් ගන්නා අය ගැන.. ඉතින් දැන හෝ නොදැන මෙහෙම කරන අය 77 දෙනෙක් පසුගිය දිනවල අත්අඩංගුවට අරගෙන , ඒ අයගෙන් දෙලක්ෂ තිස් හත්දාස් එකසිය හතලිහක දඩ මුදලකුත් අයකරගෙන කියලා තමයි දුම්රිය දෙපාර්තමේන්තුව නම් කියලා තියෙන්නේ.
ඔන්න ඉතින් ඔයාත් වැරදිලාවත් මේ වැඩේ කරනවා නම් , ආයේනම් එහෙම කරන්න එපා..
මොකද ඉදිරියේදීත් දිගින් දිගටම මෙවැනි වැටලීම් සිදුකරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දීලා තියෙනවා.