රාජු මාමා වෑන් එකේ යන දරුවන්ව බලා ගත්තේ තාත්තා වගෙයි.. රටම කම්පා කළ මාරක අනතුරෙන් ජීවිත අහිමිවූ සුරදූත බාලිකාවන් සහ රියැදුරු අද සදහටම සමුගනී..
Friday, 29 August 2025 - 17:09 | Views - 96
මේ වගේ කඳුළු කතා මින් පෙරත් අපට ඇසී ඇති.. ඉදිරියේදිත් ඇසේවි..

ඒත් මේ කතාවලට වැරදිකරුවන් කවුරු වුණත් ගොඩක් වෙලාවට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ අහිංසක ජීවිතවලට.. 


පසුගිය දිනක කුලියාපිටියේ සිදුවුණු මේ මාරක අනතුරත් අන්න ඒ වගේ කණගාටුදායක පුවතක්..

පසුගිය 27වැනිදා උදෑසන පාසල් වෑන්රියෙන් පාසලට යමින් සිටියදී කුලියාපිටිය – උඩුබද්දාව මාර්ගයේ පල්ලෙවෙල පාලම මතදී එම පාසල් වෑන් රථය ටිපරයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරින් අකල්හි දිවියට සමුදුන් මිහිදි යෙනායා නිල්නෙතු (13) හා රිෂිනි නෙතුපමා කුලරත්න (12) දියණියන් දෙදෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (29දා) සවස 4.00ට දුම්මලසූරිය, කට්ටිමහන පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා...

අනතුරින් මියගිය මිහිදි යෙනායා සිසුවියගේ දේහය මේ වනවිට කට්ටිමහන පල්ලිය අසල පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර, මියගිය රිෂිනි නෙතුපමා සිසුවියගේ දේහය කට්ටිමහන පන්සල අසල නිවසේ තැන්පත් කර තිබුණා.. එම දියණියන් දෙදෙනාට අවසන් ගෞරව දැක්වීමට ඊයේ කුලියාපිටිය සුරදූත බාලිකාවේ සිසුවියන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව තිබුණා..

එම අනතුරින් මියගිය පාසල් වෑන් රථයේ රියැදුරු වන ඩෙනිස් නිලන්ත මහතාගේ දේහය දුම්මලසූරිය, හතරමං හන්දිය ප්‍රදේශයේ නිවසේ තැන්පත් කර තිබුණා.. ඔහු වසර 40කට වැඩි කාලයක් මේ පාසල් ළමුන් සමග කාලය ගතකළ වැඩිහිටියෙක්... ඔහු පිළිබඳව මව්පියන් පවසන්නේ තමන්ටත් වඩා හොඳින් ඔහු පියකු මෙන් දරුවන් බලා ගන්නා අයකු බවයි.. තම බිරිඳ අකාලයේ මියගිය පසු, දරුවන් විදේශ ගතවූ පසු රාජු මාමාගේ එකම විනෝදාංශය, රාජකාරිය මෙන්ම වගකීම ද වුයේ සතියේ දින 5 පුරාම මේ දරුවන් බලා හදා ගැනීමයි..

කොහොම වුණත් ඒ සිදුවුණු මාරක අනතුර නිසා දැන් මේ ජීවිත තුනම සදහටම සමුගෙන ගිහින්.. ඒත් මේ ජීවිත අහිමි වීමත් එක්ක සිදුවුණු පාඩුව, ඒ පාලුව ඔවුන් කොහොම නම් දරාගනීවිද..?
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top