"විසිපස් වසරකට පෙර දින සිහි කෙරුණා.. ගැබ්බර මවක් වූ මාගේ රූ මැවුනා.." රුවැති දුවක් ගැන ආදරණීය මවක් වූ සංජීවනීගෙන් සටහනක්..
Friday, 29 August 2025 - 17:06 | Views - 157
අම්මා කෙනෙක්ට දුවෙක් ඉන්නවා කියන්නේ ඇත්තටම ඒක ලොකු හයියක්..

ඉපදුනු දවසේ ඉඳලා පුංචි දෝණිගේ ලස්සන බලන්න අම්මා කෙනෙක් ගොඩක් හීන දකිනවා..


ඇයත් අන්න ඒ වගේ අම්මා කෙනෙක්.. සංජීවනී වීරසිංහ, අපේ රටේ බොහෝ දෙනා හඳුනන මේ කලාකාරිණිය මේ වෙද්දී නම් දිවි ගෙවන්නේ විදෙස්ගතවයි.. සංජීවනීගේ ආදරණීය දියණිය සජනි දැන් හරිම ලස්සන රූමත් තරුණියක්..

මේ වෙනකොට ඇයට වයස අවුරුදු 25ක්.. දැන් ඉතින් ඇය අම්මා තරම්ම ලස්සනට බලන බලන කාට වුණ‍ත් පේනවා ඇති.. ආඩම්බරකාර අම්මාකෙනෙක් විදිහට සුන්දර සජනි වෙනුවෙන් සංජීවනී ඇගේ උපන්දිනය දවසේ මෙන්න මේ වගේ විශේෂ සටහනක් එක්කරලා තිබුණා..


බලන්නකෝ අම්මා කෙනෙකුගේ සහ දියණියකගේ ඒ බැඳීම මොන තරම්ද කියලා..

මේ ලියැවුණු අකුරු, ඒ වචනවල අර්ථය ඒ ගැන ඔබට සාක්ෂි සපයාවි..

"වෙනදට වඩා සතුටක් මගේ සිතට දැනේ....
සිත තුළ උතුර උතුරා යනු දැනෙයි සෙනේ....
සුරතල් දුවක් සඳවන් යුවතියක් වුණේ .....
අද මගේ දූ ගෙ විසිපස්වන උපන්දිනේ...
විසිපස් වසරකට පෙර දින සිහි කෙරුණා....
ගැබ්බර මවක් වූ මාගේ රූ මැවුනා.....
සුරතල් දූ සිඟිත්තට ළැම කිරි එරුනා.....
අපගේ ලොකුම සම්පත දූ යැයි සිතුනා....
පහකර මා හදේ හටගත් මේඝ වළා....
සුරඟන රුවක් ළඟින් ඉඳියි පවන් සලා....
රන් කඳ වගේ සුදු දූ ගේ මුහුණ බලා....
සැනසෙමි හදේ ඇති දොම්නස් පහ කරලා.....
යොවුන් වියේ ලස්සන මාගේ එ'කල..
අද මා දකිමි දූගේ රූ සපුව තුළ....
කන්කළු හඬින් හදවත් හැම කළ සසල....
සඳරාජිණිය පරිදියි මගේ දූූ අසල...
කරදඬු උස් මහත් වූවත් මගේ දුවේ...
තවමත් ඔයාගේ කිරි සුවඳත් සිහි වේ...
සිරියාවන්තකම සමගින් රුවට රුවේ...
බැබලෙන් මැණික ඔබමයි සම්පත මෙලොවේ...
නිදුකින් නිරෝගීව මගේ දුව සැනසෙන්න...
හරි පාරකින් දුව ඉදිරියටම යන්න....
හොඳ නම පළුදු නොකරන් අප සනසන්න....
දෙවියන් බුදුන් ඉන්නව දුව රැකගන්න..."

 
Share This Article
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top