හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රිමාන්ඩ්..
මේ ඔහු ගැන අසන්නට ලැබුණේ විශේෂ ආරංචියක්..
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න, ඔහුව අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනතුරු රාජිත සේනාරත්නව රිමාන්ඞ් භාරයේ තබාගන්න ලෙසයි මහාධිකරණ විනිසුරුවරිය නියම කළේ...