හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහාධිකරණයට පැමිණෙයි...
ඔහු ගැන ඇසෙන ඒ අලුත්ම පුවත දැනගන්න ඔබත් කැමැත්තෙන් ඇති..
මේ කතාව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ගැනයි..
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේවන විට කොළඹ මහාධිකරණයට පැමිණ තිබෙනවා..
රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක්ද අද කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ පෙනී සිටීමට නියමිතයි..
මේ අතර රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුකරය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි..