වීසා නිකුත්කරන කාලය සීමා වෙයි.. අමෙරිකාවට යන්න බලාගෙන ඉන්න ඔබට මෙන්න විශේෂ දැනුම්දීමක්..
Friday, 29 August 2025 - 11:03 | Views - 108
ට්‍රම්ප් පාලනයත් එක්ක විවිධ තීන්දු තීරණ දැන් නිතර දෙවේලේ වෙනස් වෙනවා කියන එක සාමාන්‍ය කාරණයක් නේ..


මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් වෙනස් විදිහක ආරංචියක්..

අමෙරිකාවේ වෙසෙන විදේශික ශිෂ්‍යයින් සහ මාධ්‍යවේදීන්ට එහි සිටිය හැකි කාලය සීමා කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබෙනවා..

යෝජිත වෙනස මගින් අමෙරිකාවේ සංක්‍රමණිකයන් සඳහා තවදුරටත් නීතිය දැඩිකෙරෙනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ..


මේ අනුව විදේශිකයන්ට ශිෂ්‍ය වීසා යටතේ වසර 4කට වඩා අමෙරිකාවේ රැඳී සිටීමේ හැකියාවක් නැහැ..

විදේශීය මාධ්‍යවේදීන්ට දින 240ක් පමණක් සිටිය හැකි අතර තවදුරටත් අමෙරිකාවේ රැඳී සිටීමට අවශ්‍ය නම් දින 240ක් අතිරේකව ඉල්ලා සිටීමේ හැකියාව ලැබෙනවා..

කෙසේවෙතත් චීන මාධ්‍යවේදීන්ට ලැබෙන්නේ දින 90ක අතිරේකව ඉල්ලා සිටිය හැකි කාලසීමාවක් පමණයි..

මේ දක්වා අමෙරිකාවේ අධ්‍යාපන කටයුතුවලදී වීසා නිකුත් කරනු ලැබුවේ අදාළ අධ්‍යාපනික වැඩසටහන් කාලයට සමගාමීවයි..

මාධ්‍යවේදීන් සඳහා වීසා නිකුත් කිරීම ඔවුන්ගේ රැකියා අවශ්‍යතාවට අනුව නිකුත් කරනු ලැබුවා..


කෙසේවෙතත් වසර 10කට වඩා වැඩි කාලයක් සංක්‍රමණික නොවන වීසා වලංගු වූයේ නෑ..


ස්වදේශික ආරක්ෂක දෙපාර්ත‍මේන්තුව චෝදනා කරන්නේ නිශ්චිතව කිව නොහැකි තරම් විදේශිකයන් සංඛ්‍යාවක් දින නියමයක් නොමැතිව සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වීසා දීර්ඝ කරගන්නා බවත් ඔවුන් ‘හැමදාම ශිෂ්‍යයන්’ ලෙස අමෙරිකාවේ වාසය කරමින් සිටිනා බවයි..

2023-2024 අධ්‍යයන වර්ෂය සඳහා අමෙරිකාව විදේශීය සිසුන් මිලියන 1.1කට වීසා නිකුත් කර තිබුණා..

වෙනත් කිසිදු රටක් නොලබන තරම් ආදායමක් අමෙරිකාවට විදේශීය සිසුන්ගෙන් ලැබෙනවා..

නවතම පියවර සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා සංක්‍රමණික කටයුතු පිළිබඳ සන්ධානයේ සභාපති මිරියාම් ෆෙල්ඩ්බ්ලම් පවසන්නේ ‘මෙය ලොව පුරා සිටින දක්ෂ පුද්ගලයන්ට ඔවුන්ගේ දායකත්වය අමෙරිකාවට තවදුරටත් වටිනාකමක් නොමැති බවට වන පණිවුඩයක්’ බවයි..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top