කැමතියිද ලොව වේගවත්ම විද්‍යුත් රථය ගැන දැනගන්න.. BYD වෙතින් හඳුන්වාදුන් අලුත්ම හැඩකාරයා..
Thursday, 28 August 2025 - 16:48 | Views - 252
මෝටර් රථ වෙළඳපොළට හඳුන්වාදෙන අලුත්ම හැඩකාරයෙක් ගැනයි මේ කියන්න යන්නේ..

ඔබත් කැමති ඇති සමහරවිට මේ වගේ වාහනයක් ඔබේම කරගන්න.. එහෙනම් ඔයාට මේ කතාව ගොඩක් වැදගත් වේවි.. 


ලොව වේගවත්ම විද්‍යුත් රථය ලෙස යැන්ග්වැන්ග් U9 රථය නම් කර තිබෙනවා..

විදුලියෙන් ධාවනය වන අධි සුඛෝපභෝගී රථයක් වන මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ චීනයේ විදුලි වාහන නිෂ්පාදනයේ දැවැන්තයකු වන BYD මෝටර් රථ සමාගම විසින්..
 

BYD මෝටර් රථ සමාගමේ අධි සුඛෝපභෝගී රථ නිෂ්පාදනය කරන යැන්ග්වැන්ග් සන්නාමය යටතේ මෙම ‍නවීනතම තාක්ෂණිය රථය ද නිෂ්පාදනය කෙරෙනවා..

සෙසු සියලු විදුලි මෝටර් රථ අභිබවමින් පැයට කිලෝමීටර් 472.41ක් ධාවනය කළ හැකි මෙම මෝටර් රථය මුලින් හඳුන්වා දුන් අවස්ථාවේදී නිවේදනය කරන ලද්දේ එහි පැයට කිලෝමීටර් 308.99ක් වේගයක් කරා යා හැකි බවයි..

මෙම මෝටර් රථයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 250,000ක් බවයි පැවසෙන්නේ..

වේගවත් බව අතින් යැන්ග්වැන්ග් U9 රථයේ ආසන්නයට හෝ පැමිණිය හැක්කේ පැයට කිලෝමීටර් 438.70ක් වේගයෙන් ධාවනය කළ හැකි Aspark Owl විදුලි රථයයි..

එමෙන්ම Rimac Nevera R විදුලි රථය ද මීට පෙර වේගවත්ම වාහන අතරට පැමි‍ණ තිබුණේ පැයට කිලෝමීටර් 431.30ක් වේගයක් තිබූ නිසයි..


ඒ සියල්ල අභිබවූ නව යැන්ග්වැන් U9 රථය අශ්වබල 2959කින් සමන්විත වන අතර U9 Track Edition හි විදුලි මෝටර් 4කින් සමන්විත බවට සමාගම නිවේදනය කරනවා..

කෙසේවෙතත් දැනට ගිනසර් වාර්තාවලට ඇතුළත් වී ඇති ලොව වේගවත්ම විද්‍යුත් මෝටර් රථය වන්නේ Venturi Buckeye Bullet 3 මෝටර් රථය වන අතර එය 2016දී වැඩිම වේගය සටහන් කර තිබුණේ පැයට කිලෝමීටර් 548.83ක් ලෙසයි..

‍එය මහාමාර්ගයේ ධාවනය වන මෝටර් රථයක් ලෙස දකින්නට ලැබෙන්නේ නැහැ..

එබැවින් සාමාන්‍ය මාර්ගයක වුවද ධාවනය කිරීමට හැකි වන පරිදි නිපදවා ඇති මෙම රථය ප්‍රායෝගික අතින් ‍ලොව වේගවත්ම විදුලි කාරයේ වාර්තාව තබන බවයි මෝටර් රථ ක්ෂේත්‍රයේ විශේලේෂකයන් පෙන්වාදෙන්නේ..
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top