වැඩිහිටි ඔබට සුබ ආරංචියක්..
අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ දීමනාව අද(27) අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය ප්රකාශ කළා.
ඒ අනුව, අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව ලබා ගැනීම සදහා ප්රතිලාභීන් 599,730 ක් සුදුසුකම් ලබා සිටිනවා.
මෙම ප්රතිලාභීන් සඳහා රුපියල් කෝටි 299ක මුදලක් වෙන් කර ඇති බවයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය ප්රකාශ කළේ.