කොළඹ , මාර්ග රැසක තදබදයක්... මෙන්න දැන් හටගෙන තිබෙන නවතම තත්ත්වය..
Tuesday, 26 August 2025 - 14:44 | Views - 388
මේ දැන් වෙනකොට කොළඹ තත්ත්වය , හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විපක්ෂය විසින් සිදුකරනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොළඹ මාර්ග රැසක, තදබදයක් හටගෙන තිබෙනවා.ඒ අනුව, කොළඹ කොටුව සිට ලේක්හවුස් වටරවුම, කොම්පඤ්ඥවීදීය ඇතුළු මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති අතර, ජනතාවද දැඩි සේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ භුමිය අසලට එක් රැස් වී තිබෙනවා.මේ එක් රැස් වී සිටින පිරිසගෙන් නිතර නිතර විවිධ ඝෝෂාකාරී තත්ත්වයන් ද ඇති වෙන අතර , විශාල පිරිසක් අධිකරණ භූමියට ඇතුල් වීමේ බලාපොරොත්තුවෙන් මෙසේ රැඳී සිටින බවයි පෙනී යන්නේ.එසේම , කොටුව මහේස්ත්‍රාත් අධිකරණ භුමිය අසල දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවද දැකගන්නට ලැබුණා. කෙසේ වෙතත්, ඔබ මේ ඉහත සඳහන් කළ ප්‍රදේශ හරහා ගමන් කිරීමට බලාපොරොත්තු වනවා නම්, මේ තොරතුරු දැනගෙන සිටීම වඩා වැදගත් වනවා.
Share This Article