රනිල් බලන්න වැල නොකැඩී, හිටපු මැති ඇමතිලා වැලිකඩට පිරෙයි..
Saturday, 23 August 2025 - 11:24 | Views - 181
ඊයේ (22) හිටපු ජනපතිවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් භාරයට පත් වුණා.
බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර පැමිණ තිබෙනවා.
එසේම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පෙරවරුවේ එහි ගොස් තිබුණා.
මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු හිටපු ජනාධිපතිවරයා නව මැගසින් බන්ධනාගාරයට රැගෙන යාමෙන් අනතුරුව වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඊයේ රාත්‍රියේ ඇතුළත් කෙරුණා.
ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසීම සඳහා හිටපු අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ප්‍රසන්න රණතුංග මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ද බන්ධනාගාරය වෙත ගොස් තිබුණා.
කෙසේ වෙතත්, ඔවුන්ට බන්ධනාගාරය වෙත ඇතුලු වීමට ඉඩ ලබා දී නොමැති අතර ඔවුන් ඉන් පිටත රැඳී සිට තිබුණා.
Share This Article