රනිල් බලන්න වැල නොකැඩී, හිටපු මැති ඇමතිලා වැලිකඩට පිරෙයි..
Saturday, 23 August 2025 - 11:24 | Views - 182

ඊයේ (22) හිටපු ජනපතිවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් භාරයට පත් වුණා.

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර පැමිණ තිබෙනවා.

එසේම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පෙරවරුවේ එහි ගොස් තිබුණා.

මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු හිටපු ජනාධිපතිවරයා නව මැගසින් බන්ධනාගාරයට රැගෙන යාමෙන් අනතුරුව වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඊයේ රාත්‍රියේ ඇතුළත් කෙරුණා.

ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසීම සඳහා හිටපු අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ප්‍රසන්න රණතුංග මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ද බන්ධනාගාරය වෙත ගොස් තිබුණා.

කෙසේ වෙතත්, ඔවුන්ට බන්ධනාගාරය වෙත ඇතුලු වීමට ඉඩ ලබා දී නොමැති අතර ඔවුන් ඉන් පිටත රැඳී සිට තිබුණා. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top