ICONIC AWARDS 2025 සම්මාන රාත්‍රියේදීත්
Wednesday, 20 August 2025 - 23:27 | Views - 318
ලාංකේය විද්‍යුත් මාධ්‍ය අවකාශයේ විශිෂ්ටයා 'හිරු' බව යළි තහවුරු කරමින් ICONIC AWARDS 2025 සම්මාන රාත්‍රියේදීත් සම්මාන රැසකට හිමිකම් කීමට හිරු මාධ්‍ය ජාලය සමත් වුණා.
 

විද්‍යුත් හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීම සඳහා සංවිධාන කළ ICONIC AWARDS 2025 සම්මාන රාත්‍රිය අද (20) අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණේ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි Monarch Imperial හෝටල් පරිශ්‍රයේදීයි.

එහිදී, සම්මාන පිට සම්මාන ලබන හිරුගේ ජනප්‍රියත්වය නැවත නැවතත් තහවුරු කරමින් වසරේ වඩාත් ජනප්‍රියම රූපවාහිනී නාලිකාවට හිමි සම්මානය මෙවරත් HIRU TV හිමිකර ගැනීමට සමත් වුණා.


එමෙන්ම, ජනතාවාදී ජනමාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් හිරු ප්‍රවෘත්ති මෙතෙක් ආ ගමන්මගේ විශිෂ්ටත්වය යළිත් තහවුරු කරමින් පැත්ත ගියත් ඇත්ත කියන 'හිරු ප්‍රවෘත්ති', වසරේ ජනප්‍රියතම ප්‍රවෘත්ති නාලිකාව ලෙසින් මෙහිදී සම්මානයට පාත්‍රවුණා.

වසරේ වඩාත් ජනප්‍රියම ප්‍රවෘත්ති වෙබ් අඩවිය ලෙසින් සම්මානිත වූයේ www.hirunews.lk වෙබ් අඩවියයි.

එමෙන්ම, වසරේ වඩාත් ජනප්‍රියම ප්‍රවෘත්ති ටික්ටොක් පිටුවට හිමි සම්මානයද 'HIRU NEWS TIKTOK' පිටුවට හිමි වුණා.

වසරේ වඩාත් ජනප්‍රියතම ගුවන් විදුලි නාලිකාව ලෙස සම්මානයට පාත්‍ර වුණේ HIRU FM නාලිකාවයි.

වසරේ වඩාත් ජනප්‍රියතම දමිළ ප්‍රවෘත්ති නාලිකාව ලෙස සම්මානය හිමිවූයේ හිරු මාධ්‍ය ජාලයේ SOORIYAN FM වෙතයි.

වසරේ වඩාත් ජනප්‍රියතම රියැලිටි වැඩසටහනට හිමි සම්මානය දිනාගත්තේ ශ්‍රී ලාංකීය ගායන තරු අභිශේකය වූ 'හිරු ස්ටාර්' වැඩසටහනයි.

වසරේ වඩාත් ජනප්‍රියතම එළිමහන් සංගීත ප්‍රසංගය ලෙස සම්මානයට පාත්‍ර වුණේ මෙරට එළිමහන් සංගීත ප්‍රසංග කලාව ජාත්‍යන්තර මට්ටමේ වින්දනීය අත්දැකීමක් දක්වා පරිවර්තනය කළ 'හිරු මෙගා බ්ලාස්ට්' ප්‍රසංගයයි.

හිරු ටීවී නාලිකාවේ විකාශය වන 'පාට කුරුල්ලෝ' වසරේ වඩාත් ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මානය දිනා ගත්තා.

එමෙන්ම, වසරේ වඩාත් ජනප්‍රියම ගුවන්විදුලි වැඩසටහන ලෙසින් HIRU FM 'අරා & පැස්බරා' වැඩසටහන සම්මාන හිමිකරගත්තා.

තවද, හිරු ටී.වී. 'පත්තරේ විස්තරේ' වැඩසටහන වසරේ වඩාත් ජනප්‍රියම උදෑසන රූපවාහිනී වැඩසටහන ලෙසින් සම්මානයට පාත්‍රවුණා.

වසරේ වඩාත් ජනප්‍රියතම මාධ්‍යවේදියා ලෙස හිරු ටිවී හි චමුදිත සමරවික්‍රම සම්මානයට පාත්‍ර වුණා.

වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිෂ්පාදකයාට හිමි සම්මානය හිරු ටීවී හි ‘පාට කුරුල්ලෝ’ ටෙලි නාට්‍ය නිෂ්පාදක චාමර සමරවික්‍රම දිනා ගත්තා.

ICONIC AWARDS 2025 සම්මාන රාත්‍රිය දිග්විජය කරමින් ජනතා සම්මානයෙන් හිරු මාධ්‍ය ජාලය ඉහළට ඔසවා තැබූ ප්‍රේක්ෂක ශ්‍රාවක ඔබ අපේ වත්කමයි.

එලෙසින් හිරු වෙත තැබූ විශ්වාසය සහ ළෙන්ගතුබව වෙනුවෙන් සුවහසක් ප්‍රේක්ෂක ශ්‍රාවක ඔබ සැමට හිරු අපගේ ප්‍රණාමය. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top