DIAMOND Excellence Awards 2025 සම්මාන උළෙලේදී හිරුට සම්මාන රැසක්...
Monday, 18 August 2025 - 8:53 | Views - 199
DIAMOND Excellence Awards 2025 සම්මාන උළෙල අද (17) පස්වරුවේ කොළඹ, ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එහිදී හිරු මාධ්‍ය ජාලය සම්මාන රැසකින් පිදුම් ලැබුවා.

එහිදී, වසරේ වඩාත් ජනප්‍රියම ටෙලිනාට්‍ය සම්මානය හිරු ටීවී 'පාට කුරුල්ලෝ' දිනා ගැනීමට සමත් වුණා.

එමෙන්ම, වසරේ වඩාත් ජනප්‍රිය සිංහල ගුවන් විදුලි නාලිකාව ලෙස 'හිරු එෆ් එම්' සම්මානයට පාත්‍ර වුණා.

වසරේ වඩාත් ජනප්‍රිය ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාව ලෙස සම්මානයට පාත්‍ර වුණේ හිරු මාධ්‍ය ජාලයේ 'SUN FM' නාලිකාවයි.

වසරේ වඩාත් ජනප්‍රිය ළමා රියැලිටි වැඩසටහනට ලෙස හිරු ටීවී 'කිඩ්ස් ස්ටාර්' රියැලිටි වැඩසටහන සම්මානයට පාත්‍ර වුණා.

වසරේ වඩාත් ජනප්‍රිය ප්‍රවෘත්ති සන්නාමය ලෙසින් 'හිරු නිවුස්' සම්මාන දිනා ගනු ලැබුවා.

එමෙන්ම, ඩිජිටල් යොවුන් මාධ්‍ය සඳහා වන වඩාත් වඩාත් ආකර්ෂණීය ටික්ටොක් පිටුවට හිමි සම්මානය 'හිරු ටීවි ටික්ටොක්' පිටුවට හිමි වුණා.

වසරේ වඩාත් ජනප්‍රිය ෆේස්බුක් පිටුවට හිමි සම්මානය හිරු ටීවී ෆේස්බුක් පිටුව වෙත හිමි වුණා.

එහිදී වසරේ වඩාත් ජනප්‍රිය දමිල ගුවන් විදුලි නාලිකාව ලෙසින් හිරු මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන සූරියන් එෆ් එම් හිමිකර ගත්තා.

වසරේ හොඳම තොරතුරු සැපයුම් වෙබ් අඩවියට හිමි සම්මානය ‘හිරු ටීවී’ වෙබ් අඩවියට හිමි වුණා.

එමෙන්ම වසරේ ඉහළම යූටියුබ් නාලිකාව ලෙසින් හිරු ටීවී යූටියුබ් නාලිකාව සම්මානිත වුණා.

වසරේ වඩාත් ජනප්‍රියම දේශපාලන වැඩසටහනට හිමි සම්මානය හිරු ටීවී ‘සලකුණ’ වැඩසටහනට හිමි වුණා.

තවද, වසරේ ජනප්‍රියම එළිමහන් සංගීත ප්‍රසංගයට හිමි සම්මානය ‘හිරු මෙගා බ්ලාස්ට්’ දිනා ගත්තා.

වසරේ හොඳම උදෑසන ප්‍රවෘත්ති සහ ජනතා වැඩසටහන සඳහා වූ විශිෂ්ටතා සම්මානයෙන් හිරු ටීවී "පත්තරේ විස්තරේ" පිදුම් ලැබුවා.

වසරේ වඩාත් ජනප්‍රියම රූපවාහිනී නිවේදකයාට හිමි සම්මානය හිරු ටීවී හි චමුදිත සමරවික්‍රම දිනා ගත්තා.

එමෙන්ම, වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය හිරු ප්‍රවෘත්ති වෙනුවෙන් තිළිණි නදීෂා රණසිංහ හිමිකරගත්තා.

මෙහිදී වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවාට හිමි සම්මානය හිරු ටීවී නාලිකාවේ විකාශය කෙරෙන ‘පාට කුරුල්ලෝ’ ටෙලි නාට්‍ය වෙනුවෙන් සජිත ඇන්තනී දිනා ගත් අතර, එම ටෙලිනාට්‍ය වෙනුවෙන්ම වසරේ හොඳම නැගී එන නළුවාට හිමි සම්මානය දේවින්ද වික්‍රමසිංහ දිනා ගත්තා.

තවද, වසරේ වඩාත් ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය හිරු ටීවී හි විකාශය කෙරෙන ‘පාට කුරුල්ලෝ’ ටෙලිනාට්‍ය වෙනුවෙන් පියුමාලි එදිරිසිංහ දිනාගත්තා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top