HIRU KIDS STAR - SEASON 01 ජයග්‍රාහී කිරුළ ගාල්ලේ වොනාල් අභිලාෂට...
මෙරට සුවහසක් දූදරුවන්ගේ ගැයුම් ප්රබලතා දිනවන, ශ්‍රී ලාංකේය ළමා ගායන අභිෂේකය "HIRU KIDS STAR සීසන් වන් ග්‍රෑන්ඩ් ෆිනාලේ" අවසන් මහා රාත්‍රියේ ජයග්‍රාහී අවසන් කිරුළ හිමිකර ගැනීමට ගාල්ලේ වොනාල් අභිලාෂ සමත් වුණා.
එමෙන්ම අනුශූරතාවය හිමිකරගනු ලැබුවේ, පොළොන්නරුවේ සෙනුක රෙහාන් විසින්.
"HIRU KIDS STAR සීසන් වන් ග්‍රෑන්ඩ් ෆිනාලේ" අවසන් මහා තරගය අද (17) හිරු ලයිෆ් ස්ටූඩියෝ පරිශ්‍රයේදී ආරම්භ වුණා.
ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් කලාව ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ මෙරට ටෙලිවිෂනයේ වින්දනාධිපති හිරු TV උසස් ගණයේ රියැලිටි අත්දැකීම් රැසක්ම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කළේ මෙරට රියැලිටිකරණයේ ප්‍රමුඛයා බවට පත්වෙමින්.
ඒ සෑම රියැලිටි සංකල්පයකම නිමැවුම්කරුවා වූ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ තවත් අද්විතීය නිර්මාණාත්මක සංකල්පයක් ලෙස ශ්‍රී ලාංකේය ළමා ගායන අභිෂේකය HIRU KIDS STAR සීසන් 1 තරගාවලිය ප්‍රේක්ෂකයා අභිමුව දිගහැරුණේ මෙරට අනාගතය එළිය කරන සුවහසක් දුවා දරුවන්ගේ ගැයුම් ප්රබලතා දිනවීමේ අරමුණින්.
උපන් හපන්කම්වලින් පිරිපුන් මෙරට පුංචි මල් කැකුළු කැළේ පිපී කැලේටම පර වී යන්නට ඉඩ නොතබා ඔවුන්ගේ දක්ෂතා රට හමුවේ ඔප් නංවමින් උසස් රසවින්දනයක් උදෙසා අනාගත පරපුරට දායාද කිරීම HIRU KIDS STAR රියැලිටි වැඩසටහනේ පරමාර්ථයයි.
දිවයින පුරා සිටින දක්ෂ දුවා දරුවන්ගෙන් ලැබුණු අයදුම්පත් දහස් ගණනක් අතුරින් අති දක්ෂ දුවා දරුවන් 48 දෙනෙකු මාස 7කට ආසන්න කාලයක් ප්‍රවීණ විනිසුරු මඩුල්ලක අධීක්ෂණයෙන් සහ සුවහසක් ප්‍රේක්ෂක ජනතාවගේ පරමාධිපත්‍යය හමුවේ උරෙන් උර ගැටී අවසන් මහා තරගය තෙක් පැමිණියා.
ඒ අනුව HIRU KIDS STAR අවසන් මහා තරගයේදී ගාල්ලේ වොනාල් අභිලාෂ, පොළොන්නරුවේ සෙනුක රෙහාන්, මිනුවන්ගොඩ සිතුලි ගිහන්සා සහ උඩුගම්පොළ සදසි ආකාශා සිය ගායන කුසලතා ඉදිරිපත් කිරීමට සමත් වූ අතර, අවසන් වටය සඳහා සුදුසුකම් හිමිකරගනු ලැබුවේ ගාල්ලේ වොනාල් අභිලාෂ සහ පොළොන්නරුවේ සෙනුක රෙහාන් විසින්.
ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්රයේ ප්‍රවීණ කලාකරුවන් මෙන්ම HIRU STAR වේදිකාවේ කිරුළු පළන් ගායක ගායිකාවන් මෙම අවසන් මහා රාත්‍රිය වර්ණවත් කළා.