ශ්‍රී ලාංකේය ළමා ගායන අභිෂේකයේ අති උත්කර්ෂවත් අවසන් මහා සංග්‍රාමය, “හිරු Kids Star Season 01” Grand Finale අදයි..
Sunday, 17 August 2025 - 11:55 | Views - 205

ලාංකේය ළමා ගායන අභිෂේකය - ළමා ගැයුම් තෝතැන්නේ අති උත්කර්ෂවත් අවසන් මහා සංග්‍රාමය “හිරු කිඩ්ස් ස්ටාර් සීසන් 01” ග්‍රෑන්ඩ් ෆිනාලේ අදයි.
අද රාත්‍රි 7.30 සිට සජීවීව හිරු ලයිෆ් ස්ටූඩියෝ මැදිරි සංකීර්ණයේ සිට ඇරඹෙන අවසන් මහා තරගය ඔබ සැමට හිරු ටීවී ඔස්සේ නැරඹිය හැකියි.
මෙරට ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ රියැලිටිකරණයේ ප්‍රමුඛයා වන හිරු ටීවී මෙරට සුවහසක් දුවා දරුවන්ගේ ගැයුම් ප්රබලතා දිනවන ලාංකේය ළමා ගායන අභිෂේකය “හිරු කිඩ්ස් ස්ටාර්” නමින් ආරම්භ කළා.
මෙරට ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ ටෙලිවිෂනයේ වින්දනාධිපති “හිරු ටීවී” මෙරට රියැලිටිකරණයේ ප්‍රමුඛයා බවට පත්වන්නේ උසස් ගණයේ රියැලිටි අත්දැකීම් රැසක්ම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කරමින්.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ තවත් නිර්මාණාත්මක සංකල්පයක් මත අනාගතය එළිය කරන සුවහසක් දුවා දරුවන්ගේ ගැයුම් ප්රබලතා දිනවන ලාංකේය ළමා ගායනා අභිෂේකය “හිරු කිඩ්ස් ස්ටාර්” නමින් ජනතාව වෙත දයාද කෙරුණා.
උපන් හපන්කම්වලින් පිරිපුන් මෙරට පුංචි මල් කැකුළු කැළේ පිපී කැලේටම පරවී යන්නට ඉඩ නොතබා ඔවුන්ගේ දක්ෂතා රට හමුවේ ඔප් නංවමින් උසස් රසවින්දනයක් උදෙසා අනාගත පරපුරට දායාද කිරීම හිරුගේ එම ප්රයත්නයේ ඒකායන අරමුණයි.
දිවයින පුරා සිටින දක්ෂ දුවා දරුවන්ගෙන් ලැබුණු අයදුම්පත් දහස් ගණනක් අතුරින් අති දක්ෂ දුවා දරුවන් 48 ක් ඊට තෝරා ගැනුණේ අති දක්ෂ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දින 3 ක් පුරා සිදු කළ හඬ පරීක්ෂණවලින්. එම දක්ෂ දුවා දරුවන් 48 දෙනා ප්‍රේක්ෂක ඔබ ඉදිරියේ සිය ගායන හැකියාවන් ඉදිරිපත් කළේ ඒ අනුවයි.
ඒ අතරින්, තරග දරුවන් දෙදෙනෙකු ටිකට් ටූ ෆිනාලේ තරගයේදී පළමුව අවසන් තරගයට තේරීපත්වුණා. ඒ ගාල්ලේ වොනාල් අභිලාශ සහ පොළොන්නරුවේ සෙනුක රෙහාන්.
ඊයේ ටිකට් ටූ ෆිනාලේ තරගයේදී තරග වැදුණු තරග දරුවන් 06 දෙනෙකු අතරින් ජනතා පරමාධිපත්‍යයයේ දයාබරත්වය, විශ්වසනීයභාවය හා උද්යෝගය මතින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ මිනුවන්ගොඩ සිතුලි ගිහන්සා සහ උඩුගම්පොල සඳසි ආකාශා යි.
ඒ අනුව, අද අවසන් තරගය වෙනුවෙන් සුවහසක් ප්‍රේක්ෂක ඔබ ඉදිරියේ ඔවුන් 04 දෙනා සිය දස්කම් දැක්වීමට නියමිතයි.
ඒ අනුව,එහි අවසන් මහා තරග රාත්‍රිය දරුවන් වෙනුවෙන් සුවිශේෂී සටහන් තබන රාත්‍රියක් කරන්නට ලොව ඉහළ තාක්ෂණයෙන් සන්නද්ධ, අති නවීන ශබ්ද තාක්ෂණය සහ කැමරා මෙන්ම ආලෝකකරණයෙන් පරිපූර්ණ හිරු ලයිෆ් ස්ටූඩියෝ මැදිරි සංකීර්ණය සූදානමින් සිටිනවා.
දරුවන් කිරුළ පළදින සුභ මොහොතට ඓතිහාසික සාක්ෂිකරුවෙකු වීම උදෙසා හිරු ලයිෆ් ස්ටූඩියේ පරිශ්‍රයට මෙරට විශිෂ්ඨ කලාකරුවන් සහ විද්වතුන් රතු පලස මතින් සම්ප්‍රාප්ත වන උත්කර්ෂයේ ශ්‍රී විභූතිය “හිරු කිඩ්ස් ස්ටාර්” සීසන් 01 රෙඩ් කාපට් ඉවෙන්ට් අද පස්වරු 06 සිට සජීවීව ඔබට නැරඹිය හැකියි.
මෙරට සුවහසක් දුවා දරුවන්ගේ ගැයුම් ප්රබලතා දිනවන ලාංකේය ළමා ගායන අභිෂේකය “හිරු කිඩ්ස් ස්ටාර්” ග්‍රෑන්ඩ් ෆිනාලේ හි ප්‍රේක්ෂකයෙකු වීමට හිරු සමග බැඳුණු සුවහසක් ශ්‍රාවක ඔබටත් අප ඇරයුම් කරනවා.
Share This Article