මින්නේරියේ බස් අනතුරක් , 26ක් රෝහලට...
මින්නේරිය බටු ඔය පාලම ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී තිබෙනවා.
අද(12) අලුයම 3.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවටයි වාර්තා වන්නේ.
සිදු වූ අනතුරෙන් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.