ශිෂ්‍යත්වය හෙට , මෙන්න විශේෂ පණිවිඩයක්..
Saturday, 09 August 2025 - 15:29 | Views - 362

ශිෂ්‍යත්ව විභාගය හෙට ( 10 ) රට පුරා විභාග මධ්‍යස්ථාන 2,728කදී පැවැත්වෙනවා.
ශිෂ්‍යත්වය ලියන දු පුතුන්ට මේ ඔවදන් ටිකත් වැදගත් වෙයි කියලා හිතනවා..
විභාගයට පෙනී සිටින විටදී පෑනෙන් ලියනවා නම් කළු හෝ නිල් පෑන් පමණක් භාවිත කළ හැකි බවත්, ඒ හැරෙන්න වෙනත් වර්ණ භාවිත කිරීමට අවසර නොමැති බවත් මෙහිදී විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.
පැන්සලෙන් ලියනවා නම් ඒ සඳහා කිසිඳු බාධාවක් නොමැති බවද ,ඊට අමතරව මකන කෑල්ලක්, අඩි කෝදුවක්, වතුර බෝතලයක් විභාග ශාලාවට රැගෙන යා හැකි බවත්, ෆයිල් කවර, ස්මාට් වර්ගයේ ඔරලෝසු රැගෙන යාමට අවසර නොමැති බවද වැඩිදුරටත් සඳහන්.
නියමිත වේලාවට අදාළ විභාග මධ්‍යස්ථාන වෙත දරුවන් රැගෙන යෑමට කටයුතු කිරීමෙන් , අනවශ්‍ය පීඩනයකින් තොරව ඉතා සැහැල්ලු මනසින් විභාගයට මුහුණ දීමට හැකි වේවි.
දෙමාපියන්ට කියන්න දෙයක් තිබෙනවා. විභාගයට පෙර දින රාත්‍රියේවත්, විභාග දිනයේ උදේ පාන්දරවත් දරුවන් ඇහැරවලා පාඩම් කරවන්න එපා. ඒ වෙනුවට මෙන්න මේ උපදෙස් ටික දරුවාට දෙන්න.
ප්‍රශ්න පත්‍රය අතට ගත්ත ගමන් ළමයි කරන දෙයක් තමයි ලියන්න පටන් ගන්න එක. නමුත් කළ යුත්තේ ලියන්න කලින් ප්‍රශ්න පත්‍රය හොඳින් කියවන්න. මේ ප්‍රශ්න පත්‍ර දෙකේම සඳහන් කර තිබෙනවා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිය යුත්තේ කොහොමද කියන දේ සම්බන්ධයෙන්.
පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් තිබෙනවා. ඒවාට බහුවරණ ලෙස පිළිතුරු තුනක් ලබා දී තිබෙනවා. ඒ අනුව මේ පිළිතුරු තුනෙන් එකයි නිවැරදි පිළිතුර වන්නේ. එසේ නම් පිළිතුරු තුනෙන් එකක් යටින් තමයි ඉරක් ඇඳිය යුතු වන්නේ. මේ උපදෙස තද කළු අකුරෙන් ලියා තිබ්බත්, අපි දකිනවා ඉරක් අඳින්නේ නැතිව පිළිතුරු අංකය රවුම් කරන ළමුන්. එහෙම කළාම පිළිතුරු ඇගයීමේදී යම් යම් ගැටලු ඇති විය හැකි නිසා එසේ කිරීමෙන් වැලකින එකද ඉතා හොඳයි..
Share This Article