ප්‍රධාන මාර්ගයක් හදිසියේ ම වැසෙයි.. රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්..
Thursday, 07 August 2025 - 16:09 | Views - 520
 
ගන්දර පොලිස් වසමේ දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ කාවඩි පෙරහර අද දින (07) සවස 04.00 සිට රාත්‍රී 09.00 දක්වා හා අවසන් රන්දෝලි පෙරහර හෙට දින (08) සවස 04.00 සිට රාත්‍රී 09.00 දක්වා වීථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. 
 
ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර ගමන් ගන්නා කාලය තුළ කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය වසා තැබෙන බැවින් මෙම කාලය තුළ මෙම මාර්ගය භාවිතා කරන රථ වාහන රියදුරන් හට ඇති වන අපහසුතාවය අවම කිරීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය එම රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. 
 
විකල්ප මාර්ග
 
* මාතර දෙස සිට තංගල්ල දෙසට ගමන් කරන රථ වාහන මැද්දවත්ත කාර්මික විද්‍යාලය අසලින් මාතර යටියන මාර්ගයට හරවා කැකණදුර හන්දියෙන් වේහැල්ල මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා ගමන් කළ හැකිය.
 
* තංගල්ල දෙස සිට මාතර දෙසට ගමන් කරන රථ වාහන තලල්ල කාර්මික විද්‍යාලය අසලින් හරවා නාඔටුන්න මාර්ගය ඔස්සේ වියන්නරුව හන්දිය දක්වා ගොස් දික්වැල්ල වේහැල්ල මාර්ගය ඔස්සේ කැකණදුර හන්දියට පැමිණ කැකණදුර මාතර පාර ඔස්සේ මාතර දක්වා ගමන් කළ හැකිය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top