2025 වසරේ මුල් භාගයේදී ලොව පුරා පුද්ගලයින් ඉලක්ක කරගෙන විවිධ වංචාවන් සිදුකරනු ලැබු WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවත් කිරීමට කටයුතු කළ බව Meta සමාගම පවසනවා.
එසේම, WhatsApp විසින් නව වංචා විරෝධී පියවරයන් හඳුන්වා දීමත් සමඟ Meta සමාගම මෙම තීරණය ගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
එම පියවරයන් අතර අතර විශේෂ වන්නේ, WhatsApp විසින් සම්බන්ධතා ලැයිස්තුවේ නොමැති පරිශීලකයෙකු කණ්ඩායම් කතාබහකට (Group Chat) එක්කිරීමේ දී සිදුවිය හැකි වංචනික ක්‍රියාකාරකම් ගැනයි. ඒ පිළිබඳව පරිශීලකයින් දැනුවත් කිරීමටද සමාගම කටයුතු කර තිබුණා.
තවද , අපරාධකරුවන් විසින් WhatsApp ගිණුම් පැහැර ගැනීම හෝ ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම සහ වෙනත් වංචා ප්‍රවර්ධනය කරන Group Chatවලට පරිශීලකයින් එක්කිරීම වැනි බහුලව සිදුවන වංචනික ක්‍රියාකාරකම් මර්දනය කිරීමද මෙහි අරමුණ වී තිබෙනවා.