අද මැදියම් රැයේ වැටෙන තහනම.. නියෝගය නොසලකන අයව 1911 දැනුම් දෙන්න..
Wednesday, 06 August 2025 - 12:07 | Views - 386
 
පහ වසර ශිෂ්‍යත්ව විභා­ගය මේ මස 10වනදා රට පුරා විභාග මධ්‍ය­ස්ථාන 2,728කදී පැවැත්වෙනු ඇති. 
 
ඒ අනුව, පහ වසර ශිෂ්‍යත්ව විභා­ගයේ උප­කා­රක පන්ති පැවැ­ත්වීම අද (06) මධ්‍යම රාත්‍රී 12න් පසුව සපුරා තහ­නම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 
 
විභාග අපේ­ක්ෂ­ක­යන් සඳහා උප­කා­රක පන්ති සංවි­ධා­නය සහ එම පන්ති මෙහෙය වීම, විෂ­යා­නු­බද්ධ දේශනා, සම්ම­න්ත්‍රණ, වැඩ­මුළු පැවැ­ත්වීම, මෙම විභා­ගය සඳහා අනු­මාන ප්‍රශ්න ඇතු­ළත් ප්‍රශ්න පත්‍ර මුද්‍ර­ණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍ර­වල ප්‍රශ්න ලබා­දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා­දෙන බවට පෝස්ටර්, බැනර්, අත්ප­ත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම මෙම තහ­නම යටතේ බල­පැ­වැත්වෙනු ඇති. 
 
යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා හරිමින් කටයුතු කලහොත් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 අංකයට හෝ පාසැල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112 784208 හෝ 0112 784537 යන දුරකථන අංක වෙත දැනුම් දිය හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top