ඔයාටත් මෙවැනි ව්‍යාජ තෑග්ගක් ලැබුණොත් , ප්‍රේමවන්තයාගෙන් නම් පරිස්සම් වෙන්නම වෙනවා....
තෑගි දීම තනිකර ම මිනිස් ලක්ෂණයක් යැයි අප සිතුවත්, වෙනත් බොහෝ සතුන් ද ඔවුන්ගේ සහකරුවන්ට සහ සහකාරියන්ට තෑගි ලබාදෙන බව පෙනී ගොස් තිබෙනවා.
ඉතින්, ගැහැණු සතුන්ට අල්ලස් දෙන සත්ත්ව ලෝකයේ පිරිමි ගැනයි මේ කියන්න යන්නේ..
උත්සව දින උදෑසන, ඔබට තෑගි ලැබී ඇත්තේ අලුත් ම මේස් බව දැක ඔබ බලාපොරොත්තු සුන්වීමක සිටී නම්, අවම වශයෙන් ඔබ ගැහැනු ගෝණුසු මැස්සෙකු නොවීම ගැන ඔබට ස්තූතිවන්ත විය හැකියි.
ඔබ එසේ වූයේ නම්, උත්සව දින ඔබට අපේක්ෂා කළ හැකි හොඳ ම දේ වන්නේ ඔබේ ආදරවන්තයාගෙන් ලැබෙන කෙළ බෝලයක් වනු ඇත. පුදුමයට කරුණක් නම්, ගැහැනු ගෝණුසු මැස්සන් මෙම සංග්‍රහය භුක්ති විඳින අතර, ආදරවන්තයාට ලිංගිකව එකතුවීමට අවස්ථාවක් ද ලබාදෙයි.
ඇතැම් අවස්ථාවලදී පිරිමි සත්තු ගුණාත්මක බවින් අඩු හෝ අඩක් පරිභෝජනය කරන ලද ගොදුරක් ඔතා දී ගැහැනු සතුන් රවටා ගැනීමට උත්සහා කරති.
ගැහැනු සතා එය හොඳ තෑග්ගක් යැයි සිතා විවෘත කරන අතරවාරයේ පිරිමි සතා ඇය සමග ලිංගිකව එකතු වී තෑග්ග ව්‍යාජ එකක් බව ගැහැනු සත්වයා තේරුම් ගැනීමට පෙර පලා යයි.
එක් අධ්‍යනයකින් හෙළි වූයේ, පිරිමි ළදරු තොටිලි මකුළුවන් විසින් ලබා දෙනු ලබන තෑගිවලින් 70%ක් ම ව්‍යාජ ඒවා බවයි.
“පිරිමි සත්තු වංචා කරන්න හදනවා. ඔවුන් පැරණි, වියළී ගිය පළඟැටි කකුලක් හෝ වෙනත් දෙයක් ඔතලා දෙනවා,” යයි කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ චර්යාත්මක පරිසරවේදියෙකු වන ඩැරිල් ග්වින් ඉතිහාසයේ දිනක පවසා තිබුණා.
ඉතින් සත්ත්ව ලෝකයේ විතරක්ම නෙමෙයි , මේ වගේ දේවල් මිනිස්සු අතරත් වෙනවා. ඒ නිසා ආදරය කලාට කමක් නෑ..
හැබැයි බොහොම කල්පනාවෙන් , ප්‍රවේශමෙන්