කොන්දොස්තර මහතුන්ට රතු එළි... ඉතුරු සල්ලි , ටිකට් එක දෙන්නම ඕනේ..
Tuesday, 05 August 2025 - 13:03 | Views - 320
 
පොදු ප්‍රවාහනය භාවිතා කරන මගී ජනතාවට අනිවාර්ය ප්‍රවේශ පත්‍රයක් ලබාදීමේ අරමුණින් මාර්ග පරීක්ෂක නිලධාරීන් ලවා සිදුකරන හදිසි බස් රථ පරීක්ෂාවලදී අවස්ථා දෙකකදී ප්‍රවේශ පත්‍ර ලබා නොදුන් කොන්දොස්තර මහතුන් අසූ අට දෙනකුගේ සේවය දින තුන බැගින් අත්හිටුවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකරියේ සභාපති (විශ්‍රාමික කොමදෝරු) ගාමිණී ජාසිංහ පවසනවා. 
 
ඊට අමතරව අවස්ථා තුනකදී ප්‍රවේශපත්‍ර ලබා නොදුන් බවට වැටලීම්වලදී අනාවරණය වූ තවත් කොන්දොස්තර මහතුන් අට දෙනකුගේ සේවය මාසය බැගින් සේවය අත්හිටුවීමට ඉදිරියේදී පියවර ගන්නා බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. 
 
බස්නාහිර පළාතේ ධාවනය වන ඇතැම් පෞද්ගලික බස් රථ භාවිතා කිරීමේදී නියමිත ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම , ඉතුරු සල්ලි ලබා නොදීම හා මගීන් සමග ගැටුම් ඇතිකර ගැනීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම පැමිණිලි ලැබෙමින් පවතින බවද සඳහන්. 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top