නිවසක් නැති සෑම පවුලකටම , නිවසක් ලැබෙන්නේ මෙහෙමයි..
හැමෝම කැමතියි නිවසක හිමිකරුවෙක් වෙන්න. පවුලක් වුනයින් පස්සේ ඒක තමයි ලොකුම හීනය.. ඉතින් මේ කියන්න යන්නේ අන්න ඒ වගේ බලාපොරොත්තු තියෙන කෙනෙක්ට ලොකුම ලොකු අස්වැසිල්ලක් වෙන දෙයක් ගැන...
සියලු දෙනාටම ජීවත් වීමට නිවසක් ලබාදීමේ මූලික අරමුණ ඉදිරි වසර පහ - දහය තුළ ඉටු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , රට තුළ පවතින නිවාස ගැටළුව අවසන් කිරීමේ සැලස්ම තුළ ආණ්ඩුව කටයුතු කරන බවයි.