ඔබත් මේ වයසේ නම්, මේ ස්ථාන ප්‍රවේශපත් නොමැතිව, නොමිලේ නරඹන්න පුළුවන්..
මේ අවස්ථාව පුංචි ඔබටයි.. අපේ ජාතික උරුමයන් ගැන නව පරපුර දැනුවත් කිරීමේ අරමුණින් මෙම අවස්ථාව ලබා දීමට කටයුතු කර තිබෙනවා.
සංස්කෘතික අරමුදලට අයත් ව්‍යාපෘති වයස අවුරුදු 18ට අඩු දරුවන්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය විසින් අදාළ යෝජනාවට අනුමැතිය ලබාදී තිබෙනවා.
දේශීය දරුවන් අතර සංස්කෘතික උරුමයන් පිළිබඳ ඇගයීමක් ඇති කිරීම සහ ජාතික උරුමයන් සහ ස්ථාන පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම මෙහි මූලික අරමුණ වී ඇති අතර, ඒ අනුව සීගිරිය, යාපහුව, දඹුල්ල ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 26ක් ප්‍රවේශ පත්‍ර රහිතව ළමුන්ට නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇති.
මෙයට සමගාමීව විදේශීය ළමුන් සඳහා ද සීමිත කොන්දේසී යටතේ අදාළ ස්ථාන සඳහා ඇතුළු වීමේ අවසර පත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.