ලොව වයස්ගතම කළලය ලෙසින් වාර්තා පොත් අතරට ආ මල් කැකුළ.. ඇස් මවිතවන ඒ කතාව මෙන්න..
මේ කියන්න යන කතාව මින් පෙර ඔබ නොඅසා ඇති..
ඒත් අද ලෝකයේ දියුණුවත් එක්ක මේ වගේ කතා ඇහෙන්න පුළුවන්.. ඉතින් මේ කියන්න යන්නේ මොකක් ගැනද..?
එක්සත් ජනපදයේ යුවළක් වන Linda සහ Tim Pierce යන දෙපළට වසර 30කට අධික කාලයක් ශීතකරණයේ තබා තිබූ කළලයකින් දරුවෙක් ලැබී තිබෙනවා..
මෙය සාර්ථකව දරුවෙකු බිහි කිරීමට පෙර කළලයක් වැඩිම කාලයක් ගබඩා කර තැබූ පළමු අවස්ථාව ලෙස සැලකෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ..
කළලය 1994 වසරේ ශීතගත කර ඇති අතර එය දින වශයෙන් ගත්කළ 11,148ක්..
Linda සහ Tim Pierce යුවළ මෙම කළලය ලබාගෙන ඇත්තේ embryo adoption හරහායි..
වාර්තාවලට අනුව, මෙම දෙපළ විසින් හදාගත් කළලය 1994 දී IVF හෙවත් අභ්‍යන්තර සංසේචනය හරහා ලබා ගෙන තිබෙනවා..
IVF ක්‍රියාවලියේදී, ඩිම්බ කෝෂවලින් ඉවත් කරගත් ඩිම්බ බාහිරව ශුක්‍රාණු සමඟ සංසේචනය කරනු ලබන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සාර්ථක කළලයක් ගර්භාෂයේ තැන්පත් කරනු ලබනවා..
එමෙන්ම ඒවා අනාගත භාවිතය සඳහා රසායනාගාරයක ගබඩා කිරීමක්ද කළ හැකියි..
ඒ අනුව, තැන්පත් කළ කළලය භාවිතයෙන් සාර්ථක කළල මාරු කිරීමකින් පසු, ලින්ඩ්සේ පියර්ස් ගැබ් ගෙන තිබෙනවා..
මෙම කළලයේ මුල් හිමිකාරිය වන Linda Archerd, එම කළලය Snowflakes නම් ක්‍රිස්තියානි සංවිධානයක් හරහා පරිත්‍යාග කර ඇති බවයි සඳහන් වන්නේ..
Pierce යුවළ ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් වාර්තාවක් තැබීම ගැන අවධානය යොමු නොකළ බවත්, තමන්ට අවශ්‍ය වූයේ දරුවෙකු ලබා ගැනීම පමණක් බවත්ය..