තාමත් ඔබට හරියන රස්සාවක් හොයනවාද..? එහෙනම් මේ ලිපිය ඔබට වැදගත් වේවි..
Thursday, 31 July 2025 - 17:01 | Views - 101
ඔබත් සමහරවිට මේ ශාස්ත්‍රවලට කැමැත්තක් දක්වනවා ඇති..

මේ කියන්න යන්නේ අන්න ඒ ශාස්ත්‍ර ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්.. 

ජ්‍යෝතිෂ විද්‍යාව, අංක විද්‍යාව, දේහ ලක්ෂණ, හස්ත රේඛා ආදී සියලුම විෂයන් එක මවකගේ දරුවන් මෙන් බැඳීමකින් යුතු ශාස්ත්‍රයන්... මේ හැම විෂයයකින්ම කෙනෙකුගේ ජීවිතයේ අතීතය වර්තමානය සහ අනාගතය කියන ගැන කියන ශාස්ත්‍රයන් වෙනවා..

ඒ යටතේ අංක විද්‍යාව තුළින් සංඛ්‍යා මූලික කර ගෙන මෙම අනාවැකි කියයි. අද සාකච්ඡාවට ලක්වන්නේ ඒ අතරින් පාලන අංකය පිළිබඳවයි. පාලන අංකය ලෙසින් සඳහන් කෙරෙන්නේ ඔබේ උපන් දින අංකයයි. ඒ අනුව ඔබ යම් මාසයක 1ත් 9ත් අතර දිනයක ඉපදී ඇත්නම් ඔබේ පාලන අංකය ඔබේ උපන්දින අංකයයි. නමුත් 10 සිට 31 දක්වා උපන් අයකුගේ පාලන අංකය සොයා ගැනෙන්නේ එම ඉලක්කම් දෙක තනි අගයක් දක්වා සුළු කිරීමෙන් පසුවයි.
1+6=7
2+9=11 1+1= 2
ඒ අනුව මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඔබේ පාලන අංකය අනුව ඔබට හිමිවන රැකියාවන් පිළිබඳවයි.

පාලන අංකය 1


ඔබේ උපන්දිනය ඇත්තේ මාසයේ 1, 10, 19, 28 යන දිනවල නම් ඔබේ පාලන අංකය වන්නේ අංක එකයි.පාලන අංකය අංක 1 හිමි ඔබට සුදුසු රැකියාව ගැන අවධානය යොමු කිරීමේ දී ඔබේ දියුණුව පෙනී යන්නේ තමන්ගේම ව්‍යාපාරයක් තුළයි.ජ්‍යෝතිෂය තුළ අංක එක ලෙස පවතින්නේ රවියි. එහිදී රවිගේ ස්වභාවය අනුව මේ අංකය හිමි අය තව කෙනෙක් යටතේ වැඩ කරන අයෙක් වුවහොත් ඒ රැකියාව තුළ ඔවුන් බලාපොරොත්තුවන තරම් දියුණුවක් දැකගත නොහැකි ය. ඒ නිසාවෙන් රවි බලවත් ඔබට ගැළපෙන්නේ තමන්ගේම ස්වයං ව්‍යාපාරයකි. ඒ තුළ විශාල දියුණුවක් ලබාගත හැකියි. තවද ඔබ සතු රවිගේ ගතිගුණ නිසාවෙන් ඔබට හොඳ පාලන හැකියාවක් ලැබෙන නිසාවෙන් හොඳ පාලකයෙක්, මූලිකයෙක් වීමේ හැකියාවත් - අණ දීමේ සහ අණ ක්‍රියාත්මක කිරීමට මග පෙන්වීමේ හැකියාවත් හිමියි.මේ නිසාවෙන් ඔබ රාජ්‍ය සේවයට සම්බන්ධ අයෙක් වූවහොත් එහි ඉහළම තනතුරු වලට ගමන් කිරීමේ වාසනාවක් ද පවතී. එහෙයින් එම ක්ෂේත්‍රයන්හි බලවත් පුද්ගලයින් බවට පත් වීමේ ඉඩකඩ සහිතයි.

පාලන අංකය 2


පාලන අංකය අංක දෙක ලෙස හිමිවන්නේ 2, 11, 20, 29 යන දිනවල උපන් ඔබටයි. පාලන අංකය ලෙස අංක 2 හිමිවන ඔබේ ජන්ම පත්‍රයේ චන්ද්‍රයාත් බලවත්ව තිබුණ හොත් ඔබට ජලය සම්බන්ධ රැකියාවකින් විශාල දියුණුවක් ලබාගැනීමේ හැකියාවක් හිමියි. එහිදී ජලය පමණක්ම නොව විවිධ පානවර්ග, තෙල් ඔයිල් වැනි ගලායන ඕනෑම ද්‍රාවණමය ස්වභාවක් සහිත දෙයකින් දියුණු විය හැක.ඒ අනුව මේ ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යාපාරයක් තුළ ඔබ ඉහළ ධනයක් උපයන හොඳ ව්‍යාපාරිකයකු වේ. එමෙන්ම ඔබේ කේන්ද්‍රයේ බලවත් චන්ද්‍රයා ගේ බලපෑම නිසාවෙන් ඔබ කරන රැකියාවන් හෝ ව්‍යාපාරයන් තුළ පුන්සඳ මෙන් බැබළී සිටීමේ හැකියාවක් ලැබෙයි.

පාලන අංකය 3


සාමාන්‍යයෙන් පාලන අංකය තුන පිහිටන්නේ 3, 12, 21, 30 යන දිනවල උපන් අයගේය . අංක ගණිතයට අනුව පාලන අංකය3හිමි ඔබේ රැකියාවන්හි පිහිටීම ගැන සොයා බලන විට පෙනී යන්නේ ඔබ ගුරුහරුකම් දීමට උපදෙස් දීමට උපන් හපන්කම් ඇති අයෙකු බවයි. එමෙන්ම අනෙකුන් පාලනය කිරීමට, ආකල්ප සංවර්ධනය කිරීමට ඔබට හැකියි. මේ නිසාවෙන් මේ දිනයන්හි උපන් ඔබට ගුරුවරුන් ලෙසින්, උපදේශකයින් ලෙසින් වෘත්තීය දිවිය ආරම්භ කිරීමට වාසනාව ඇත. එමෙන්ම නීතීඥ වෘත්තියටත් හිමිකම් පෙන්වයි. කෙසේ නමුත් ඔබට හිමි රැකියා අතර ගුරු වෘත්තිය ඉහළින්ම පවතී. මීට අමතරව චීස් බටර් වැනි තෙල් නැතිනම් මේදය සහිත ආහාර වර්ග අලෙවි කිරීමෙන් ද ලාභ ලැබීමේ හිමිකමක් පාලන අංක තුන හිමි ඔබ සතුයි. එමෙන්ම මෙම පාලන අංකය හිමි ඔබ හොඳ පාලකයෙක් ලෙසත් නම් කළ හැකියි.

පාලන අංකය 4


පාලන අංකය අංක හතර ලෙස පිහිටන්නේ යම් මාසයක 4, 13, 22 යන දිනවල උපන් ඔබගේ ය. ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට අනුව අංක හතර රාහුට අයත් අංකයක් ලෙසින් නම් කළ හැකියි. එහි දී රාහු ලෙසින් අර්ථවත් වන්නේ හිස නොමැති අශ්වයෙකි. එහි අර්ථය වන්නේ ඔබ විපරීත ආකාරයෙන් දියුණුවක් ලබන බවයි. කෙනෙක් හතර වෙනිදා දහතුන් වෙනිදා හෝ විසි දෙවැනිදා යන දිනවල උපන්නේ නම්, ඔබ කරන ව්‍යාපාර අතර ප්‍රවාහනය සම්බන්ධ ව්‍යාපාර වලින් ඉහළ දියුණුවක් ලබාගත හැකියි. එමෙන්ම කෘමිනාශක වැනි වස- විස නිෂ්පාදනයන් මූලික කරගත් ව්‍යාපාරයන් ගෙනුත් ඉහළ ප්‍රගතියක් ලබා ගැනීමේ වාසනාවක් නැතිනම් හිමිකමක් සහිතයි.

පාලන අංකය 5


ඔබ උපන්නේ 5, 14, 23 යන දිනවල නම් ඔබට හිමිවන පාලන අංකය අංක 5යි. අංක පහ පාලන අංකය හිමි අය බොහෝ විට මාධ්‍යවේදීන් වේ. එහිදී පත්තර- පුවත්පත් ආදී ලිඛිත මාධ්‍ය තුළ මෙන්ම අනෙකුත් විද්‍යුත් මාධ්‍ය තුළත් කැපී පෙනෙන මාධ්‍යවේදීන් විය හැකියි. ගුරු මෙන්ම ආකර්ෂණය වැඩි ස්වභාවයක් මෙම පාලන අංකය හිමි අය සතුවීම නිසාත් චතුර කථිකත්වයක් හිමි නිසාත් මාධ්‍ය ක්ෂේත්‍රයට මනාව ගැළපෙන පිරිසක් ලෙසින් දැක්විය හැකියි. එමෙන්ම චිත්‍රපට නිෂ්පාදකයින්, හාස්‍ය උත්පාදන වැඩසටහන් නිෂ්පාදකයින්, වැඩසටහන් ඉදිරිපත් කරන්නන්, ලිපිකරුවන්, සන්නිවේදන ක්ෂේත්‍රයෙහි නියැලෙන්නන්, පරිගණක ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියාවන්හි නියැළෙන්නන් මෙම පාලන අංකයට අයත් වේ. ඔබ හොඳ සන්නිවේදකයෙක් වීම නිසා නව මාධ්‍ය තුළ පවා ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාව සහිතයි. තවද ව්‍යාපාර ක්ෂේත්‍රයේ හිමිකම් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ ළමුන් සම්බන්ධ ව්‍යාපාර තුළින් ඉහළ ආදායම් ලබා ගත හැකි බවයි.

පාලන අංකය 6


ඔබේ උපන් දිනය යෙදෙන්නේ 6, 15, 24 යන දිනවල නම් ඔබේ පාලන අංකය වන්නේ අංක හයයි. හය පාලන අංකය ලෙස හිමි ඔබ ඉතා ආකර්ෂණීය පුද්ගලයින් වේ. ඒ අනුව ඕනෑම රැකියාවක් සාර්ථක අන්දමින් කරගෙන යෑමේ බලය ඔබ සතුයි. කුමන රැකියාවක නියැලී සිටියත් ඔබගේ ආකර්ෂණීය භාවය, ප්‍රියමනාප භාවය වැඩි නිසාවෙන් ඔබට ඒ කටයුත්ත ඉතාම ඉහළ මට්ටමින් ඉටු කරගත හැකි වේ.මෙම පාලන අංකය හිමි ඔබට කලාවේ හොඳ ගමනක් පවතී. එමෙන්ම පංචේන්ද්‍රයන් පිනවන ආකාරයේ ඕනෑම රැකියාවක් මෙම පාලන අංකය හිමි ඔබට සාර්ථකව ඉටු කිරීමේ හැකියාව පවතී. hotel, restaurant සහ වාහන සේල් මෙවැනි ව්‍යාපාර සඳහා ඔබ සුදුස්සෙකි. පාලන අංකය හය වන ඔබගේ කේන්දරයෙහි සිකුරු බලවත්ව පිහිටෙන්නේ නම් ඔබ හොඳ පිනවන්නෙකි. ඒ නිසා ඔබ කරන ඕනෑම ව්‍යාපාරයක් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි ව්‍යාපාරයක් බවට වර්ධනය කර ගැනීමේ හැකියාව ඔබ සතුයි.

පාලන අංකය 7


පාලන අංකය අංක හත කේතුට අයත් අංකයකි. මේ අංකය හිමි වන්නේ උපන් දිනය 7, 16, 25 ය දිනවල ඇති ඔබටයි. මේ පිරිස ඉතාමත් සූක්ෂම පිරිසකි. ඒ නිසාවෙන් සූක්ෂම වැඩ කටයුතුවලට දක්ෂය. ඒ අනුව ජ්‍යෝතිෂ විද්‍යාඥයන්, යන්ත්‍ර මන්ත්‍ර සම්බන්ධයෙන් කටයුතු කරන්නන්, බෙහෙත් ඖෂධ නිෂ්පාදකයින් (ආයුර්වේද හෝ බටහිර වෛද්‍ය ක්‍රම), ඖෂධවේදීන් ආදී රැකියාවන් ඔබට හිමියි. එමෙන්ම ඔබට දෙවියන්ගේ ආකර්ෂණය ද වැඩියි. එනිසාවෙන් මෙම පාලන අංකය තුළ දක්ෂ දේව ගැතිවරුන්, පාලකයින් බිහි වේ.

පාලන අංකය 8


පාලන අංකය අංක 8 වන්නට නම් ඔබ යම් මාසයක 8, 17, 26 යන දිනවල උපත ලබා තිබිය යුතුයි. එලෙස උපන් ඔබට කෘෂි කර්මාන්තය, පතල් කර්මාන්තය, ඉංජිනේරු සේවා සහ පොළව ආශ්‍රිත ඕනෑම ව්‍යාපාරයක් හෝ වෘත්තියක් තුළින් ඉහළ දියුණුවක් ලබා ගැනීමට වාසනාව හිමියි. එමෙන්ම දේශපාලන ක්ෂේත්‍රය තුළත් ඉහළටම ගමන් කිරීමේ හැකියාව සහිතයි. අංක අටෙන් හිමිවන සෙනසුරුගේ බලය නිසාවෙන් පීඩිත පංතිය හඳුනා ගැනීමේ හැකියාවක් ලැබෙයි. ඒ නිසා මල නොතලා රොන් ගන්නා බඹරෙකු ලෙසින් අංක අට හිමි ඔබට ඕනෑම ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමේ ඉඩකඩක් පවතී.

පාලන අංකය 9


ඔබේ උපන්දිනය යෙදී ඇත්තේ 9, 18, 27, යන දිනවල නම් ඔබ පාලන අංක නවයට අයත් පුද්ගලයෙකි. පාලන අංකය අංක නමය හිමි ඔබට රැකියා ක්ෂේත්‍රය තුළ නිවැරදිම තෝරා ගැනීම වන්නේ රාජ්‍ය ආරක්ෂක අංශයයි. ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට අනුව කේන්ද්‍රයේ කුජ බලවත් වී ඔබේ පාලන අංකය අංක 9 වූ පසු ඔබ ආඥාදායකයෙක් එසේත් නැත්නම් අණදෙන නිලධාරියෙක් ලෙසින් බැබලීමේ හැකියාව පවතී. එමෙන්ම පොළොව භූමිය සම්බන්ධ දේ අතරින් ඉහලින්ම දියුණුවීමේ හැකියාවක් ඔබ සතුව ඇත. ඒ අනුව දේපළ වෙළඳාම් ව්‍යාපාර සම්බන්ධයෙන් හොඳ ආයෝජකයෙක් වීමේ හැකියාව ඇත.

ලංකාදීප පුවත්පත ඇසුරෙන්.. 
Share This Article
Hiru Tv Blog
කොකෝවා , ලෝකයේ පැරණිතම ඖෂධීය ආහාරයක් බව...
Hiru Tv Blog
  නිදිකුම්බා පොළවට සමාන්තරව වර්ධනය වන...
Hiru Tv Blog
මදුරුවන් මගින් ව්‍යාප්ත වන චිකුන්ගුන්යා...
Hiru Tv Blog
බිංකොහොඹ සෙ.මි 15 පමණ උසට වර්ධනය වන කුඩා...
Hiru Tv Blog
වද මීටර් 3 පමණ උසට වැඩෙන පඳුරක් හෝ කුඩා ශාකයකි....
Hiru Tv Blog
අද කාලේ සමාජ මාධ්‍ය ගැන කතා කරද්දී අපිට අමතක කරන්නම බැරි, දකින දකින තැන ජනප්‍රියම...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ජාලාවල විශේෂයෙන්ම ටික්ටොක් හරහා ලංකාවම හඳුනන සුපිරි තරුවක් තමයි...
Hiru Tv Blog
ඇත්තටම ඇයගේ ලස්සන නම් කියාගන්න බැරි තරම්.. රශිප්‍රභා සංදීපනී, ලංකාවේ කවුරුත්...
Hiru Tv Blog
අද(16) රාත්‍රී කාලයේ සහ හෙට අලු‍යම් කාලයේදී වසරේ විශාලම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය...
Hiru Tv Blog
  ඉන්දීය සිනමා නිළි දීපිකා පදුකෝන් (Deepika Padukone), රටවල් ගණනාවක් සඳහා Meta AI හි නව හඬ බවට...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top