පිරිමි අය වඩා සැලකිලිමත් වන්න.. පෙණහලු පිළිකා අවදානමක් ගැන විශේෂ අනාවරණයක්..
මේ කියන්න යන්නේ පිරිමින් වඩා අවදානය යොමුකළ යුතු තවත් කතාවක් ගැනයි..
මෙරට පෙණහලු පිළිකාවල ඉහළ යෑමක් දැකගන්න ලැබෙනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ අනාවරණයක්..
මෙරට පෙණහලු පිළිකාවල වර්ධනයක් දක්නට ලැබෙන බව වැලිසර ජාතික ළය රෝහලේ උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ පවසනවා..
ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.. ඔහු කියා සිටියේ මෙරට පිරිමි පුද්ගලයන් තුළ පෙණහලු පිළිකාවල වර්ධනයක් දක්නට ලැබෙන බවයි...